සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව යටතේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පැවති නඩුව පවරා ඇති ආකාරය නීති විරෝධී බව කොළඹ
මහාධිකරණය අද (15) තීරණය කළේ ය.
 
ජෝන්ස්ටන් ප්‍රනාන්දුට මෙම නඩුව පැවරූ අවස්ථාවේ ඔහුගේ නීතීඥයින් මූලික විරෝධතාවක් ගොනු කරමින් නඩුව පවරා ඇත්තේ, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම ලිඛිත අවසරය නොමැතිව බැවින් සැකකරුවන් නිදෙස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය.
 
මෙම ප්‍රතිශෝධන අයැදුම්පත යොමු කෙරුණේ, එම ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයට එරෙහිවයි.
 
ඒ අනුව අද නඩු පවරා ඇති ආකාරය නීති විරෝධී බව කොළඹ මහාධිකරණය තීරණය කළේ ය.
 
ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව සතොස හිටපු සභාපතිවරයෙකු වන නලීන් රුවන්ජිත් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් තිදෙනාට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබුණි.
 
 
 

137628957 10224312070330324 1508826120146846544 n

                                                       සමාජ මධ්‍යයේ පලවී ඇති පොස්ටුවක්.
 
 
 
සබැඳි පුවත් :
 
 
###################
 
 BOC අධ්‍යක්ෂවරු ගෙදර යැව්වේ සිගරට් ඩීල් එක නිසාද?
ඇත්තටම යුද්ධ කළේ ගෝඨාභයද ? ෆොන්සේකාද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image