පසුගිය 14 දින පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද කොවිඩ් 19 හදුනා ගැනීමේ පී.සී.ආර්. පරික්ෂයන් ගෙන් පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොරෝනා වෛරසය
ආසධනය වී ඇති බවට තහවුරු වී ඇත.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ නියෝජ්‍ය මහලේකම් හැර සභානායක ලේකම්, ආණ්ඩු පක්ෂ ලේකම්, විපක්ෂ පක්ෂ නායක ලේකම්, වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී හා සහකාර වේත්‍රධාරී ඇතුලු සියලුම අංශ ප්‍රධානින් දිවා ආහාරය ලබා ගනු ලබනුයේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් වේ.
මේ වනවිට එම භෝජනාගාරයේ ආහාර පාන ලබාගනු ලැබූ ආණ්ඩු පක්ෂ ලේකම්වරයාට හා අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු පිළිබද සම්බන්ධීකරන ලේකම්වරයාට කොවිඩ් 19 වෙයිරසය ආසධනය වී ඇති බව ද හදුනා ගෙන ඇත.
ඒ අනුව මෙම භෝජනාගාරයේ ආහාර පාන ගනු ලැබූ ඉහත කී පාර්ලිමේන්තුවේ සියලුම විධායක නිලධාරීන් හට කොවිඩ් 19 වෙයිරසය ආසධනය වීමේ අවධානමක් මෙ වන විට මතුව තිබේ.
###################
මුළු රටේම ආර්ථිකය බංකොළොත් - මුදල් ඇමති අනතුරු අඟවලා
බැසිල් විමල් ගැටුම මහරගමින් පොලා පනී