කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට පැවරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව
ගෙන ඇති තීන්දුවට එරෙහිව මේවනවිට ආණ්ඩුවට පක්ෂපාති හිමිවරුන් පවා විරෝධය පළකරමින් සිටිති.
 
දැඩි රාජපක්ෂ වාදියකු ලෙස සැලකෙන පුජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ, මේ තමන්වහන්සේලා බලාපොරොත්තු වූ ගෝඨාභය නොවන බවත් හාමුදුරුවරුන්ට කොකා පෙන්වීමක්ද? මේ කළේ යැයි තාමත් සැකයක් පවතින බවත් ය.
 
ජනාධිපති ගෝඨාභයට බලය නැති කාලේ මොළය තිබුණ බවත් ඔහු මෙච්චර දුර්වලයෙකු යැයි මිනිසුන් නොසිතූ බවත් උන්වහන්සේ පවසා සිටී.
 
Akmimana
 
ඒ අතර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ‘අදානි’ සමාගමට ලබා දුනහොත් ආණ්ඩු විරෝධී මහ ජන රැල්ලක් ඇතිවනු නියත බවත් එවන් තත්වයට ඉඩ නොතබන ලෙස රජයෙන් තමන් වහන්සේ ඉල්ලා සිටින බවත්ය.
 
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ අවධාරණය කරණු ලැබිය.
 
“ඉන්දීය අදානි සමාගම මේ වන විට කොළඹ සිට කිලෝමීටර 200ක් දුරකින් ඉන්දියාවේ තවත් වරායක් ගොඩනගමින් සිටිනවා. එම සමාගම එවන් තත්ත්වයකදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාගෙන ඊට යහපත් ලෙස කටයුතු කරනු ඇතැයි සිතන්නේ කොහොමද?” යනුවෙනි.
 

 
අපි ඡන්දේ දීලා පත්කළේ, වෙන්දේසි කොම්පැනියක් ද?
 
පුජ්‍ය ඇල්ලේ  ගුණවංශ හා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු ආණ්ඩුවට පක්ෂපාති හිමිවරුන් පවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් ඉන්දීය සමාගමකට පැවරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීන්දුවට එරෙහිව බලවත් විරෝධයක් පළකරමින් සිටිති.
 
වත්මන් ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරමින් සිටින බවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි චෝදනා කරති.
 
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,
 
“වෙලාවකට මට හිතෙනවා අපි ඡන්දේ දීලා පත්කළේ, වෙන්දේසි කොම්පැනියක් ද කියලා. අපි දන්නවා මේ රටේ ප්‍රධාන වෙන්දේසිකරුවන් අඩුගානේ වෙන්දේසි කරනකොට ඝාණ්ටාරයක් ගහනවා. මෙතන ඝාණ්ටාරයකුත් නොගහා වෙන්දේසියක් යනවා දැන්. ඒ නිසා මේ රටට පිට් පොකට් ගහන්න ලැහැස්ති වෙන්න එපා. මේ සිවුරට පුජා කරපු රටක්. සඟ සතු කරපු රටක්. මේකේ බිම් අඟලක් කිසිම කෙනෙකුට දෙන්න මේ රජයට අයිතියක් නෑ. එක පැත්තකට ජපානය, තව පැත්තකට ඉන්දියාව, තව පැත්තකට අමෙරිකාව, තව පැත්තකට චීනය. අපිට මොනව ද මේ අවුරුද්දයි මාස ගානට දුන්නේ. ඉදිකට්ටක දෙයක් අපේ ජනතාවට? අපි මෙතනින් පටන් ගත්ත මේ ව්‍යාපාරය රට පුරා යා යුතුයි. හැම පක්ෂයක්ම ආශ්‍රිය කරන කෙනෙක්. කරුණාකරලා මේ ඇති මේ තුන් ගොල්ලන්ට දුන්නා මේක.“
 
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමේ සමාරම්භක ජාතික සභාව කොළඹ වරායේදී පසුගිය 11 දා පැවැත්විය.
 
වරාය වෘත්තීය සමිති 23ක්, භික්ෂු සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සංවිධාන රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
 
 

මේ අතර නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නොත් මේ ආණ්ඩුව රටට ලොකුම ද්‍රෝහිකම කරපු ආණ්ඩුව වේවි යැයි මැදගොඩ අභය තිස්ස හිමි පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටට ආදරේ ඇති පුද්ගලයෙකු බවත් එතුමා මෙහෙයවන ලේකම්වරු සහ වටේ ඉන්න පිරිස් එතුමාව නොමග යැවීම පිළිබඳ සිය අප්‍රසාදය පළකර සිටින බව ද මෙහිදී අවධාරණය කර සිටියේය.


 

  
මුළු රටේම ආර්ථිකය බංකොළොත් - මුදල් ඇමති අනතුරු  අඟවලා

බැසිල් විමල් ගැටුම මහරගමින් පොලා පනී

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්