වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා විශාල බලාපොරොත්තු ඇතිව ඡන්දය දුන් ජනතාවගේම බඩට ගසමින්
රජයට සම්බන්ධ ජාවාරම්කාර ධනකුවේරයින් පිරිසක් අද වනවිට රුපියල් බිලියන ගණනින් මුදල් උපයමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
 
ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) බුත්තල, වගුරුවෙල ප්‍රදේශයේ පැවති "විපක්ෂ නායක ජංගම සේවය" වැඩසටහන අමතමිනි. 
 
එහිදී ඔහු මෙසේද පැවසිය. 
 
 
"විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ජනතාව ජනාධිපතිවරණයෙනුත් මහමැතිවරණයෙනුත් මේ අයට සුවිශාල ජයග්‍රහණ අරගෙන දුන්නේ. නමුත් ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵල අද මේ රටේ පොදු ජනතාවට ලැබිලා තියෙනවාද ? එක දෙයක් බොහොම පැහැදිලිව පේනවා, මේ ජයග්‍රහණයේ ප්‍රතිඵල ලොකු ලොකු ඇත්තෝ නම් භුක්ති විඳිනවා. 
 
''මේ වර්තමාන රජය ස්ථාවර, අඩු මිලකට සීනි ලබාදෙනවයි කියලා මේ රටේ දැවැන්ත වංචාවක් ක්‍රියාත්මක කළා. සීනි බදු වංචාව ! ඒ සීනි බදු වංචාවේ ප්‍රතිඵලය රුපියල් මිලියන 10,000ක්. බිලියන 10ක්. හරියට ගණන් හදලා බැලුවොත් අපේ රටට කොරෝනා එන්නත් ලබාගන්නට යන ගාණ. ඒ ගාණම රජයට සම්බන්ධ තැරැව්කාරයින් ගහලා තියෙනවා. එසේ මෙසේ ගාණක් නෙවෙයි.''
 
ඒ විතරක් නෙවෙයි පොල්තෙල් වලිනුත් ගහලා තියෙනවා. එතකොට මේ ගහන්නෙ කාටද ? ගහන්නෙ පොදු ජනතාවගේ බඩට.
 
 පොදු ජනතාවගේ බඩට ගහන ගැහිල්ලේ ප්‍රතිඵලය අර ධනකුවේරයින් භුක්ති විඳිනවා. 
 
අද වෙනකල් කොරෝනා මර්දනයට අවශ්‍ය එන්නත ගෙන්වන්න රජය අපොහොසත් වෙලා තියෙනවා. 
 
ඒ නිසා අපේ රටට අවශ්‍ය මනුස්සකම රජයන මනුස්සකම හඳුන්න රටේ ජනතාව ගැන හදවතේ සංවේදීත්වයක් තියෙන හිතක් පපුවක් තියෙන රජයක්. 
 
ජනතාවගේ දුකෙන් කම්පාවට පත්වෙන, ජනතාවගේ දුක නිවාළන රජයක්. 
 
එවැනි වෙනසක් උදෙසා මේ රටේ ජනතාව හැමෝම එකතු වෙන්නට ඕනෙ" 
 
 
 

 


 

 

  
මුළු රටේම ආර්ථිකය බංකොළොත් - මුදල් ඇමති අනතුරු  අඟවලා

බැසිල් විමල් ගැටුම මහරගමින් පොලා පනී

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්