කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම කල්දමා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පවසයි.
'නෙත් නිව්ස්' වෙත ඔහු කියා සිටියේ මෙම පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළව සියලූ පාර්ශවවල යෝජනා සැකිල්ලට ගැනීමෙන් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බවයි.
කෙසේවෙතත්, වරාය වෘත්තීය සමිති පවසන්නේ මතභේදයට තුඩුදී ඇති ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් කිසිඳු ආයෝජන ව්‍යාපෘතියකට එකග නොවන බවයි.
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ආණ්ඩුව සතුව මුදල් නොමැති නම් එය සංවර්ධනය නොකර හෝ ශ්‍රී ලංකාව සතුව තබා ගැනීම පවා වාසිදායක බව වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න පවසයි.
කෙසේවෙතත්, වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක සඳහන් කළේ සියලූදෙනාට එකගවිය හැකි යෝජනාවක් සකස් කර ගත යුතු බවයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ඉන්දීය සමාගමක් සම්බන්ධ කර ගැනීමට තීරණය කිරීමත් සමග මේවනවිට දැඩි කතාබහක් මතුව තිබේ.
වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන ද ඒ සම්බන්ධයෙන් පළ කරන්නේ දැඩි විරෝධයකි.
කෙසේවෙතත්, මෙම සමාගමට නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදුදීමක් සිදුනොකරන බව ආණ්ඩුව අවධාරණය කරයි.
මංගලගේ කඩා පත්විම :
මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදා හරිමින් පවසන්නේ, රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍ය ම කාරණය බවයි.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීමට ආණ්ඩුව දරන උත්සාහය සම්බන්ධයෙන් තමා සතුටුවන බව කියා සිටියි.
################
මුළු රටේම ආර්ථිකය බංකොළොත් - මුදල් ඇමති අනතුරු අඟවලා
බැසිල් විමල් ගැටුම මහරගමින් පොලා පනී