බලයට පත්වී අවුරුද්දක් ඉක්ම යත්ම ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලනය සදහා හමුදා නිලධාරීන් පිරිසක් යොදා ගැනීම "කිලිපොලායන සුළු අත්පත් කර ගැනීමක්" ලෙසින් ජාත්‍යන්තර වශයෙන් අනතුරු ඇගවීමක් සිදු
කර තිබේ.
 
"යුද පිටියේ සිට පරිපාලන පුටුවට - ශ්‍රී ලංකාවේ හමුදාකරණය" මැයෙන් ජනවාරි 19 අගහරුවාදා ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් තොගයක් ශ්‍රී ලංකාවේ සිවිල් සේවය අත්පත් කරගනිමින් ඉන්නා බව රටින් පිටත සිටින මාධ්‍යවේදීහු සහ නීතිඥයෝ ප්‍රකාශ කරති.
 
සත්‍යය සහ යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් පළ කරන ලද වගුවකින් හිටපු හමුදා නිලධාරියකු වන ජනාධිපති රාජපක්ෂ විසින් ඉහල පෙලේ තනතුරු වලට පත් කරන ලද හමුදා නිලධාරීන් 39 දෙනකු නම් කර ඇත්තේ ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව විමසා බැලීමට නියමිතව තිබියදීය.
 
 YASMINSOOKA
    ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා
 
 
 
“මෙය කිලිපොලායන සුළු අත්පත් කර ගැනීමකි,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.
 
“ජනාධිපති අත මධ්‍යගත වී ඇති බලය, ඥාති සංග්‍රහය, ගජමිතුරු සංග්‍රහය සහ නඩු හබ පැවති අවස්ථාවක  ආණ්ඩුවේ නිලතල වලට පත් කරනු ලැබු තිගැස්සෙන සුළු සංඛ්‍යාවක් වන පිරිස මීට එකතු කර බලන්න. මෙය රාජ්‍යය පැහැරගැනීමට හැංගි හොරා කරන කුමන්ත්‍රණයක් සදිසිය. ප්‍රජාතන්ත්‍රවාදය නොනවත්වාම සෝදාපාලු කෙරෙමින් පවතී.”
 
කෝවිඩ් ප්‍රතිචාරය, පොලිසිය, ඔත්තු සේවා, බන්ධනාගාර, විදේශ ප්‍රතිපත්තිය, ගුවන් තොටුපල, වරාය, රේගුව, උපයෝගිතා, කෘෂිකර්මය, ධීවර කටයුතු, ඉඩම් සංවර්ධනය, වනජීවී සංරක්ෂණය, සහ ඒ සැම පරයා අල්ලස් කොමිසම ආදී ස්ථානවල හිතෛෂී හමුදා නිලධාරීන් බලය විහිදුවා ඇති ආකාරය වගුවෙන් දැක්වේ.
 
 
 
 
“මේ නම් නොවූ විරූ ආකාරයෙන් රාජ්‍ය යාන්ත්‍රනය හමුදාකරණයකි. විශ්‍රාමික සහ සක්‍රිය හමුදා නිලධාරීහු පරිපාලන තානාන්තර, පක්ෂ නිලතල සහ බලසම්පන්න අමාත්‍ය ධූර අරා සිටිති. මෙය රාජ්‍යයේ සිවිල් ගතිලක්ෂණයේ අවසානය තීරණාත්මකව සනිටුහන් කරනු ඇතැ,” යි JDS සංවිධානයේ භාෂණ අබේවර්ධන අනතුරු ඇඟවීය.
 
 
“දශක තුනකට වැඩි කාලයක් තිස්සේ සාමාන්‍ය ජනතාවට එරෙහිව කරන ලද කිව නොහැකි තරමේ අපරාධ සම්බන්ධයෙන් යුද හමුදාව චෝදනා ලබා සිටී. දේශපාලන සහ පරිපාලන ක්ෂේත්‍ර තුළ ඔවුන්ගේ බලය තහවුරු කරන්නට ඉඩදීම ආපසු හැරවිය නොහැකි වනු ඇත.” එම ඒකාබද්ධ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 
 Job list 2021.01.19
 
################
 
මංගල මොකාට ද එන්න හදන්නේ? ගෝඨාභයට ජැක් ගහන්න ද ? රනිල් යළි කරලියට ගේන්නද?
ලංකාවේ කොරෝනා මඩින ඉන්දියාවේ කොමිස් එන්නත
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්