ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ලබන මාසයේ එක්සත් ජාතීන් හමුවේ විභාග වීමට නියමිතව තිබියදී ආණ්ඩුව ලෝක වාසීන් හමුවේ දෝෂ දර්ශනයට ලක්වූ පිළිවෙතක් වෙනස් කිරීමට සැරසෙයි.
ලෝකයේ බොහෝ රටවල අත් හිටුවා ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රජාවේ දැඩි විවේචනයට ලක්වී සිටී. 
 
එමෙන්ම, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කළ යුතු බවට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දෙස් විදෙස් ආයතන ශ්‍රී ලංකාවට නිර්දේශ ලබා දී බොහෝ කල්ය.
 
 
 
මරණීය දණ්ඩන නියම කර සිටින සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාවක් යටතේ මරනීය දණ්ඩනය ලිහිල් කර ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලබා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රජය ප්‍රකාශ කරයි.
 
 
1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩන සිර දඩුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ මරණීය  දණ්ඩනය ලිහිල් කර ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට ලිහිල් කරන බවයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
 
 එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් මාධව වීරසිංහ ජනවාරි 19 අඟහරුවාදා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි හා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අතර පසුගියදා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී එම තීරණ ගත් බවයි.
 
 1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඩුවම් ලිහිල් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී තිබේ.
 
 
 
නව අභියාචනා අධිකරණ හතරක් :
බන්ධනාගාර ගත කරන ලද සිර දඩුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති අභියාචන තිරණ ලැබෙන තෙක් බන්ධනාගාරය තුළ රදවා ගෙන ඇති අභියාචන සිරකරුවන්ගේ සිර ග්‍රහණය අධික වී ඇති බැවින් එම තත්ත්වය මග හරවා ගැනීමට හැකි වන පරිදි අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සදහා නව අභියාචනා අධිකරණ හතරක් ඉතා කඩිනමින් ස්ථාපික කිරීමටත් එහිදී තිරණය කර ඇත.
 
 
 
 සිරකරුවන්ගේ තදබදය අවම කිරීම සදහා සුළු මත්ද්‍රව්‍ය හා අනෙකුත් වැරදි සදහා බන්ධනාගාර ගත වන පුද්ගලයන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව යටතේ පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනම්න් සකස් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී තිබේ.
 
 
අධිකරණ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ( නීති) පියුමන්ති පීරිස්, බන්ධනාගාර කළමණාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( විශේෂ ව්‍යාපෘති) එච්.එම්.එන්.සී.ධනසිරි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර කොමසාරිස් පාලන, පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගේද සහභාගීත්වයෙන්  පැවැති සාකච්ඡාවේදී බන්ධනාගාර තදබදය අවම කිරීම හා සිරකරුවන් විධිමත් පුනරුත්ථාපන ක්‍රමවේදයකට යොමු කිරීමට පවතින බන්ධනාගාර පද්ධතිය යාවත්කාලීන විය යුතු බැවින් කොළඹ බන්ධනාගාර පරිශ්‍රය විතැන් කර හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත බන්ධනාගාර පද්ධතිය ඉදිකිරීම් කඩිනම් කිරීම  සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇත.
 
 
 
මහර හිරගෙදර නිර්දේශ:
 
 
 

1e99da07 e927 4eb7 b1ce 6386177346e6 1200x550

 
එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ සමුලඝාතක ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනාගේම මරණ සිදුව ඇත්තේ වෙඩි පහරින් බව මේ වන විට අධිකරණය හමුවේ තහවුරු වී තිබේ.
 
 
 
මහර බන්ධනාගාරයේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කර කඩිනමින් ක්‍රියාවට නැංවීමට හැකි කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වු බව මාධ්‍ය ලේකම් මාධව වීරසිංහ නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 
 රැඳවියන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කර, සීයකට අධික පිරිසකට තුවාල සිදුකළ මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබදව සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුවේ සභාපතිනි ලෙස පත් කර තිබුනේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධනයි.
 
 ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහන හපුගස්වත්ත හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල් .රණවීර  එමහ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
 
 
################

 


 

 
පොලිස් ඇමතිට එරෙහි පොලිස් පැමිණිල්ලක්
 
 
මංගල මොකාට ද එන්න හදන්නේ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්