සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි
වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී ඇතැයි බීබීසී සිංහල සේවය වාර්තා කරයි.
 
ඇයට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය මගින් අනාවරණය වුවද, සිකුරාදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
එහෙත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිළවශයෙන් කිසිවක් නිවේදනය කර නොමැත.
 
මේ වන විට අමාත්‍යවරුන් තිදෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
 
අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ඒ අතර සිටිති.
  
Hakeem
 
පසුගිය ජනවාරි 08 වෙනි දින කොරෝනාවෛරසය ආසාදනය වූ බව තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටියි.
 

 116638001 eec00d7f 1153 4f89 b33e de71287ab41cරාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනවාරි 08 වෙනි දින සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක්

 
PCR පරීක්ෂණයෙන් ද තහවුරු වුවහොත්, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදිත පැණිය ප්‍රසිද්ධියේ පානය මන්ත්‍රීවරුන් අතරින් කෝවිඩ්19 රෝගය වැළඳුණ දෙවන අමාත්‍යවරයාය.
 
ඇමැතිනියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විමසීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව කියා සිටියේ, ඒ පිළිබඳව තමන් දැනුවත් නොමැති බවය.
 
cnews
 
කෙසේවුවද ආණ්ඩුවට පක්ෂපාති බොහෝ සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවයි.
 
කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇති බවත්, ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බවත් 'Lanka Lead News' වාර්තා කර ඇත. 
 

dfse

 
 
ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් පසුව අනුමත කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නත් පිළිබඳව අවධානය පළ නොකොට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවන එලියන්ත වයිට් නම් පුද්ගලයාගේ උපදෙස් පිට පිරිත් පැන් පිරවූ මුට්ටි ගංගා වලට මුදාහැරීමට මුල්තැනක් දීම හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ගේ ක්‍රියා කලාපය පසුගිය දා මහත් ආන්දෝලනයට ලක්විය.
 
(උපුටා ගැනීම් - BBC සිංහල)
 


ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්