ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (Oxford-Astra Zeneca) එන්නත් කුප්පි 600,000 ක් ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පැවසීය.
 
ඉන්දියාවේ සිරම් ඉන්ස්ටිටියුට් ( Serum Institute of India ) හි නිෂ්පාදිත මෙම කොරෝනා ප්‍රතිරෝධි එන්නත් ඉක්මනින් ලබා දීම සඳහා ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ තහවුරු කළේය.
 
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කොරෝනා ප්‍රතිරෝධි එන්නත් සඳහා හදිසි භාවිත අනුමැතිය ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ලබා දී ඇති බවයි.
 
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMR) ‍කොරෝනා වසංගතය සඳහා පළමු වරට ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනික (Oxford-Astra Zeneca) එන්නත ලබා දීමට අනුමැතිය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර තිබිණ.
 
 
 
ලෝකල් ඒජන්ට කොමිස් නැ !
 
 
 
 
about vaccine production
Serum Institute of India is an Indian biotechnology and pharmaceuticals company. It is the world's largest vaccine manufacturer.
 
 
 
 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙසේ ඉන්දියාවෙන් ගෙන්වා නොමිලේ බෙදාදීමට නියමිත මෙම කොරෝනා එන්නත් වෙනුවෙන් මෙම එන්නත නිෂ්පාදනය කරන Serum Institute ඖෂධ සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම ඒ වෙනුවෙන් කිසිඳු කොමිස් මුදලක් අය නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
මේවනවිටත් ශ්‍රී ලංකාවේ භාවිතා කරන එන්නත් වර්ගවලින් බහුතරයක් නිෂ්පාදනය කරන්නේ ඉන්දීය Serum Institute  ආයතනයයි.
 
 
 

 

ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්