ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් අධ්‍යාපන අමාත්‍යංශය පිළිබඳව
අරලියගහ මන්දිරයේ පැවැත්වූ රැස්වීමකට බස්නාහිර පළාතේ එම අමාත්‍යංශයට අයත් නිලධාරීන් ගෙන්වා නොගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික ගුවන් හමුදාපති මාර්ෂල් රොෂාන් ගුණතිලකට බැණවැදී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
හිටපු ගුවන් හමුදාපතිවරයා මේ වනවිට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කර සිටී.
එම පළාතට අයත් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් පසුගිය 19 වන දා පැවති එම රැස්වීමට සහභාගී කරගන්නා ලෙස පූර්ව දැනුම්දීමක් ආණ්ඩුකාරවරයාට සිදුකර තිබී නැත.
එසේ තිබියදී ” කරන්න බැරිනම් අයින් වෙන්න.”යනුවෙන් බැණවැදී ඇති බව අනාවරණය වේ.
උතුරු නැගෙනහිර පළාත් හැර අනෙකුත් පළාත්වල ආණ්ඩුකාරවරුන්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එම රැස්වීම පවත්වා ඇත.
මේ සම්බන්ධයෙන් විමසීම සදහා අප බැසිල් රාජපක්ෂ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය.
කෙසේ වුවද මෙම රැස්වීමට සහභාගීවූ කාර්ය සාධන බලකායේ සාමාජීක අග්‍රාමාත්‍ය කාර්යාලයේ අග්‍රාමාත්‍ය ලේකම් ඇන්ටන් ප්‍රනාන්දුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මාධ්‍යවල පළවී ඇති ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් හෝ මතගැටුමක් මෙම රැස්වීමේදි සිදු නොවු බවයි.
මෙම රැස්වීමට කැඳව තිබු බස්නාහිර පළාත් සභාවල කටයුතු කරන උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයේ අඩුව පිළිබඳව විමසා සිටිය අවාස්ථාවේදී බස්නාහිර ආණ්ඩුකාරවරයා කිසිත් ප්‍රකාශ නොකළ බවත් රැස්වීම කැඳවීමට සම්බන්ධ නිලධාරියෙකු එයට හේතු දැක්වූ බවද ඇන්ටන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේය.
වාර්තා වන අන්දමට ආණ්ඩුකාරවරු දෙදදෙනකු සහභාගීවී නොමැත්තේ ඔවුන් නිරෝධානයට ලක්වන බැවින් යයි වැඩිදුරටත් වාර්තාවේ.
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම