කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට පත්ව සිටින ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඊයේ දිනයේ සිදුකළ වේගවත් ප්‍රතිදේහජනක
පරීක්ෂණයකින් (Rapid Antigen Test) 'නෙගටිව්' බවට වාර්තා වී ඇතත් ඔහු හෙට දිනයේ දී PCR පරික්ෂාවකට ලක්වීමට නියමිතය.
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව මේවනවිට තහවුරු වී තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් සංවිධානය කර තිබු කළුතර දිස්ත්‍රීක්කයේ රැස්වීමක් සදහා පවිත්‍රා වන්නිආරච්චි ද සහභාගී වී තිබිණ.
ඒ අනුව, බැසිල් රාජපක්ෂ පලමු පෙල ආශ්‍රිතයෙකු වෙයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පැවසුයේ, '' බැසිල් මහත්තයා කොරෝනා වලට බයේ වැඩ නවත්වන කෙනෙක් නෙමෙයි '' කියාය.
කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.
PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයට යොමු වී සිටියා ය.
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම