මේවනවිටත් රේගුව තුල බරපතල වංචා දුෂණ සිදුවන බව පවසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,

එවැනි තත්වයක් තුළ රේගු නිලධාරින් සම්බන්ධ දරුණු තීරණ ගැනීමට සිදුවන බව පවසයි.

 
රේගුවේ අක්‍රමිකතා වෙනස් කිරීම සඳහා පත් කළ විශ්‍රාමික ජෙනරාල්වරයා තමන්ට සැහීමකට පත්විය හැකි  ආකාරයට කටයුතු කර නැති බවද ඔහු කියා සිටියි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයේ ඊයේ (23) පැවති "ගම සමග පිළිසඳරක්" වැඩසටහන අමතමිනි. 
 
රේගුවේ කටයුතු සම්බන්ධ විශාල වශයෙන් විවේචන පැවති නිසා අධ්‍යක්ෂ ජනරාල් ලෙස හමුදා නිලධාරියකු පත් කළ බව පැවසු ජනාධිපතිවරයා, අවශ්‍ය නම් නිලධාරින් සියලු දෙනාම ඉවත් කරන්නට වුවද තීරණය කරන බව එහිදී අවධාරණය කර සිටියේය.
 
"විශේෂයෙන්ම මාව පත්කරනකොට තිබුණු ලොකුම දෙයක් තමයි මේ රටේ තියෙන දූෂණය. දැන් අපි ගමු, විශාලම චෝදනා තියෙන තැනනෙ රේගුව. ඒවා හුඟක් ඒවා ඇත්ත. හමුදාවෙ නිලධාරියෙක් මං පත්කළා අධ්‍යක්ෂක ජනරාල්වරයා හැටියට, නමුත් සාර්ථක ලෙස ඒක මට ඕනෙ තරමට සිද්ධ වෙලා නෑ. ඉතිං මං ඉදිරියේදී ඉක්මනින්ම මීට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවෙ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි මේක හදන්න මම ක්‍රියා කරනවා" ජනාධිපතිවරයා සඳහන් කළේය. 
 
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කරනු ලැබුවේ, 2020 පෙබරවාදී මස 19 වෙනිදාය.
 
රේගුවේ බරපතල වංචා දුෂණ සිදුවන බව කියමින් යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු පත්කිරීමට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර උත්සහකළ අවස්ථාවේදී ඊට එරෙහිව බරපතල විරෝධයක් එල්ල විය.
 
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කර නාවික හමුදා විශ්‍රාමික නිලධාරියෙකු වන රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු පත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි ලෙස විරෝධය පල කළේය.
 
හිටපු මුදල් ඇමතිවරයාගේ එම තීරණයට එරෙහිව රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය විසින් වැඩවර්ජනයක් කැඳවා තිබු අතර රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරතවිය.
 
එවකට විපක්ෂය විසින් පිටකොටුවේ තොග වෙළඳුන් උසිගන්වා දින කිහිපයක් පුරා හර්තාල් ව්‍යාපාරයක් ද දියත්කර තිබිණ.
 
කෙසේවුවද වත්මන් ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ අවස්ථාවේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් හෝ රේගු වෘත්තීය සමිතිවලින් කිසිඳු අකාරයේ විරෝධයක් එල්ල නොවීම විශේෂ කාරණයකි.
 
රේගුව හොර ගුහාවක් බව සාමාන්‍ය පිළිගැනීමයි.

 

 


 

 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්