බාල වයස්කාර දරුවන් රාශියක් ලිංගිකව අපයෝජනය කරමින් එම ලිංගික අපයෝජන වීඩියෝ
තැටි වලට නඟා යුරෝපයේ, ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විකෘති කාමාතුරයන්ට අලෙවි කල රූපවාහිනී රියැලිටි ගුරුවරයා සහ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයා විසින් කරන ලද ජාවාරම යට ගසන ලකුණු පෙනෙන්නට තිබෙන බව ළමා අයිතීන් පිලිබඳ හඞ නගන ක්‍රියාකාරිකයන් පවසති. 
 
රූපවාහිනී රියැලිටි ගුරුවරයා සහ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයා විසින් මෙම ජාවාරම වසර ගනනාවක් පුරා පවත්වාගෙන ගොස් තිබෙන අතර එමගින් ඔවුන් අති විශාල මුදලක් උපයාගෙන තිබේ. 
 
මෙම වෛද්‍යවරයා මීට වසර ගනනාවකට ඉහතදී මහනුවර ශික්‍ෂණ රෝහලේදී නව හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි.
 
මෙම සිදුවීමෙන් පසු ඔහු විදේශගතවී ඇති අතර මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව වාර්තා වෙයි. මෙම වෛද්‍යවරයා සහ ගුරුවරයා දීර්ඝ කාලීන මිතුරන් වෙති.
 
මේ වන විට රූපවාහිනී රියැලිටි ගුරුවරයා රිමාන්ඩ්භාරයේ සිටියද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ ශ්‍රී ලාංකික වෛද්‍යවරයා මුදල් විසි කරමින් විවිධ ආයතන වලට බලපෑම් කරමින් මෙම සිද්ධිය ගොඩින් බේරා ගැනීමට තැත් කරන බව වාර්තා වෙයි. 
 
තවද ඔහු විසින් ප්‍රබල දේශපාලකයෙකුට විශාල මුදලක් ගෙවා එම දේශපාලකයා මගින් සිද්ධිය සමථයකට පත් කරගෙන රූපවාහිනී රියැලිටි ගුරුවරයා නිදහස් කර ගැනීමටත් ඔවුන්ට එදිරිව තිබෙන සාක්‍ෂි විනාශ කිරීමටත් මේ දින වල කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම ළමා ලිංගික අපයෝජනය සහ අන්තර්ජාතික ළමා කාම විඩියෝ ජාවාරම පිලිබදව ජාතික පුවත් පත්ද නිසි ලෙස වාර්තා කර නොමැති බවට චෝදනා එල්ලවෙමින් තිබේ.
 
වාර්තා වන පරිදි අපයෝජකයන් විසින් පුවත්පත් වලටද මුදල් ගෙවා වාර්තාකරණය යටපත් කොට ඇත. 
 
තවද මෙම අපයෝජන සිද්ධිය හමුවේ ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිවරයාගේ උදාසීනභාවයද ළමා අයිතීන් පිලිබඳ හඞ නගන ක්‍රියාකාරිකයන් ගේ කනස්සල්ලට හේතුවී  තිබේ. 
 12 1 1
 
කුඩා දරුවන් විසිදෙනකුට අධික පිරිසක් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින මෙම පෞද්ගලික උපකාරක පන්ති ඉංග්‍රීසි ගුරුවරයා, ළමුන් අපයෝජන කර එම අවස්ථා වීඩියෝ කර විශාල මුදලක් ඉපැයීම පිණිස ඕස්ට්‍රේලියාවේ ලිංගික ඩිජිටල් පට නිර්මාණයේ නිරත ආයතනයකට එම වීඩියෝ කොටස් යොමු කරමින් සිටි බව පොලිස් විමර්ශන වලින් හෙළිව ඇත.
 
පොලිසිය සිදු කළ විමර්ශන වලදී මෙම ගුරුවරයාගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබි දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී බවට සැකකරන තැටි 130ක් හා දරුවන්ගේ යට ඇඳුම් 25ක් පමණ සොයාගෙන තිබිණ.
 
ඒ සඳහා යොදාගත් පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක්, මෙමරි කාඩ්, කැමරා හා ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක්ද පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
 
මේ සියලු සීඩී තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු තිබිණ.
 
දැනට සිදුකළ විමර්ශන වලට අනුව මොහු දරුවන් විසි දෙනකුට අධික පිරිසක් අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් දරුවන් සියලුදෙනා වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන්නන් බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.
 
ඉංග්‍රීසි උගන්වන මුවාවෙන් සැකකරු මෙලෙස දරුවන් අපයෝජනය කර ඇති බව ද කියති.  සැකකරු ඉංග්‍රීසි ගුරුවරයකුට අමතරව රියැලිටි වේදිකා පසුතල නිර්මාණ ශිල්පියකු වශයෙන්ද කටයුතු කර ඇති බව ද පොලිසිය පවසයි.
 
සබැඳි පුවත් :
 

 

 


 

 

 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්