මව විසින් පුළුස්සන ලද 12 හැවිරිදි දැරිවියක් බේරාගැනීමට කටයුතු කළ කතකට එරෙහිව

මාතලේ පොලිසිය විසින් නඩු පැවරීමේ සිද්ධියක් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
 
පොලිසිය විසින් මෙසේ නඩු පවරා ඇත්තේ, ජාත්‍යන්තර කාන්තා හා ළමා අයිතිවාසිකම් සුරැකිමේ කවුන්සිලයේ (International Women's & Children's Rghts Council) සභාපති, රුවිනි වේල්ස්ට (Ruvini Wells) එරෙහිවය.  
 
 
 ඊට අදාල නඩුව මාතලේ මහේස්ත්‍රාත් උසාවියේ දී හෙට දිනයේ (25) විභාගයට ගැනීමට නියමිතය.
 
රුවිනි වේල්ස් වසර 20කට වැඩි කාලයක් ළමා හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන දේශකිර්ති, මානව හිතවාදී, දිරිය මාතා ගෞරව නාමයෙන් ද පිදුම් ලැබු ප්‍රභල සමාජ ක්‍රියාකාරිනියකි. 
 
 
මවගේ හිරිහැර හා පීඩනය හේතුවෙන්  සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර අනතුරුව නිවසින් පලායන බාලවයස්කාර සුරූපී දැරියකට රැකවරණය ලබාදෙමින්, ඇයව පොලිසියට බාර දී ළමා හිංසනයක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කල රුවිනි වේල්ස්ට එරෙහිව පොලිසිය විසින් මෙසේ නඩු පැවරීමට කටයුතු කිරීම බලවත් අසාධාරණයක් බව සඳහන් කරමින් ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයකම පසුගිය දා වාර්තා පළකර තිබිණ.
 
 
  
 
එසේම සමාජ මාධ්‍ය ඔස්සේද මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ පොස්ටු පලවී තිබිණ.
 
b5b28375 364d 45fd 906c 4b7224f2d033
 

196f10ec a2a9 4b11 8ffd 683b39de02ea

24031a1b f0d0 44f9 85bd 099426f0801a

 
කතාවට අදාල පසුබිම සැකෙවින් ....
 
මාධ්‍යවල පලවී ඇති තොරතුරු සම්බන්ධයෙන් 'ද ලීඩර්' කල සොයා බැලීමකදී අනාවරණය වුයේ, ජාත්‍යන්තර කාන්තා හා ළමා අයිතිවාසිකම් කවුන්සිලයේ සභාපතිනිය, අදාල දැරියගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් වෙනුවෙන් පොලිසිය වෙත දිගින් දිගටම සිදුකළ අකටයුතු කම් වසා ගැනීමේ පරමාර්ථයෙන්  පොලිසියේ කිසියම් පිරිසක් මෙසේ ඇයට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි.
 
මාධ්‍ය වාර්තාකර ඇති පරිදි මෙම කාරණයට අදාල පසුබිම් කතාව සැකෙවින් මෙසේය.
 
2020 අගෝස්තු මාසයේ දිනක රුවිනි වේල්ස්ට ඇයගේ හිතවතියකගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඒ අහඹුලෙස හමුවූ  බාලවයස්කාර දැරියක් මවගෙන් සිදුවන හිරිහැර පිළිබඳව දන්වා සිටින බවත්,
මේ සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි  දුරකථනයෙන් විමසා ඇත.
 
වහාම දරුවා පොලිසිය බාරයට ඉදිරිපත්කල යුතු බව දන්වා ඇති රුවිනි වේල්ස්, දැරිය සමග තම නිවසට එන ලෙස හිතවතියට පවසා තිබේ.
  
එම දැරිය නිවසට රැගෙන එනවිටත් නිකටේ හා ශරීරයේ කිහිප තැනක පිළිස්සුම් තුවාල හා ප්‍රහාරයන්ට ලක්වීම හේතුවෙන්වූ තැලුම්ද තිබී ඇති අතර පිළිස්සුම් තුවාල තම මව විසින් හඳුන්කුරකින් පිලිස්සු බවත් දැරිය සඳහන් කර තිබේ.
 
මව විසින් සිදු කරන ලද හිංසනය පිළිබඳ දැරිය විසින් පවසන ලද කරුණු  දැරියගේ මතු ආරාක්ෂාව සහ පරික්ෂණ කටයුතු පහසුව පිණිස රුවිනි වේල්ස් විසින් පටිගත කර ඇත. 
 
එසේ විස්තර දැනගැනීමෙන් පසු දැරිය සමග මහනුවර පොලිසියේ කාන්තා හා ළමා  කාර්යාංශය වෙත ගොස් ඇති රුවිනි වේල්ස්, අදාල සිද්ධිය වාර්තා කර ඇති අතර  රුවිනි වේල්ස්ගේ පසුබිම හා ළමා කටයුතු සම්බන්ධයෙන්  ඇයගේ වෘත්තිමය තත්ත්වය පිළිබඳ  ඇති විශ්වාසය හේතුවෙන්   ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ දැරිය නිවසට රැගෙන ගොස් පසුදින  වත්තේගම පොලිසියට  පැමිණිලි කරන ලෙසයි.
 
 
 
ඒ අනුව, පසුදා උදැසන ම 8.30 වන විට රුවිනි වේල්ස් දැරිය සමග වත්තේගම පොලිසියට  ගොස් ඇතත් පැමිණිල්ල සටහන් කිරීම ආරම්භකර ඇත්තේ සවස 2.00ට පමණය. එහිදී පැමිණිල්ලත් අදාළ දරුවාගේ ප්‍රකාශයත් සටහන් කර ගැනීමෙන් අනතුරුව සවස 3.00 ට පමණ පවසා ඇත්තේ මෙම සිද්ධිය තම බල ප්‍රදේශයට අයිති නැති බැවින් මාතලේ පොලිසියට ඉදිරිපත් කරන ලෙසයි.
 
 
 එහිදී තමා විසින් ලබාදුන් කට උත්තරයට අදාල පැමිණිල්ලේ සටහන් අංකය ලබාදෙන ලෙස රුවිනි වේල්ස්  ඉල්ලීමක් සිදු කළ ද වත්තේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ පැමිණිල්ලේ සටහන් අංකය ලබා දීමට පොලිසිය බැඳිනැති බවයි. 
 
එසේම  රාත්‍රී වීමට ආසන්න බැවින් තමාට නිවසට යාම අවශ්‍ය බව රුවිනි වේල්ස් පැවසු විට  ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ  අදාළ පරික්ෂණ කටයුතු සිදුකරන තුරු  රාත්‍රි 10 වනතුරු වූවද  නැවති සිටිය යුතු බවයි. තවදුරටත් පොලිසියේ රැඳි සිටිම ප්‍රතික්ෂේපකර වැඩි දුර තොරතුරු අවශ්‍යනම් නීත්‍යානුකූල ලෙස පොලිස් කැඳවීමක් කරන ලෙස ඇය එහිදි දැනුම් දී ඇත.
 
 
අනතුරුව රුවිනි වේල්ස් දැරිය පොලිසියට බාරදී, ඇයව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන්නැයි  ඉල්ලා තිබේ.
 
එසේම දැරිය විසින් කරල ලද ඉල්ලීමකට අනුව, මව දකිනවිට බියට පත්වන බැවින් මව විසින් දැරියට බලපෑම් කිරීමට ඉඩ ඇති හෙයින් ඇය සූරක්ෂිත කරගන්නා ලෙසත්  මාතලේට රැගෙන යන විටද මව සමග එකම වාහනයේ රැගෙන නොයන ලෙස ද පොලිස් නිලධාරීන් ගෙන් ඉල්ලීමක් ද කර ඇත.
 
 
කෙසේ වුවද පසුව වාර්තා වන්නේ දැරිය රෝහල්ගතකර අධිකරණ වෛද්‍ය නිලධාරීයෙකුවෙත  යොමු කරනවා වෙනුවට පුරා රැයක්  මාතලේ පොලිසිය තුල තබාගෙන පසුදින ඇයගේ මව ද සමග අධිකරණ වෙත රැගෙන ගිය බවයි.
 
 අනතුරුව මාතලේ පොලිසිය විසින් දැරියට සිදුව ඇති අපරාධය වෙනුවට  උසාවියට වාර්තාකර ඇත්තේ දැරිය මුරණ්ඩුබවත් වරින් වර නිවසින් පළා යන බවත් දරුවා ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙසයි. ඒ අනුව  මුරණ්ඩු ලෙස නිවසින් පැනයාමට තැත් කර ඇතැයි යන චෝදනා මත, වේරවල වත්ත ළමා වරදකරුවන් රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර ඇත. 
 
 
ඒබව සැලවීමත් සමග යලිත් වහාම ක්‍රියාත්මක වී ඇති  රුවිනි වේල්ස්, දැරිය වහාම අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කරන ලෙසත්,  ළමා නිවාසයක් වෙත යොමුකරන ලෙසත් පොලිසියේ ප්‍රධානින් ගෙන් ඉල්ලා ඇත.
 
එහෙත් පොලිසියේ බලධාරීන් ඊට එකඟතාවය පළකර නොමැති අතර, මවට එරෙහිව චෝදනා කිරීමට දැරිය පොළඹවා ඇතැයි කියමින් රුවිනි වේල්ස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට තර්ජනය කර තිබේ.
 
පොලිසිය දැරියගෙන්  ඒ සම්බන්ධයෙන් දිව්රුම් ප්‍රකාශයක් බලහත්කාරයෙන්  ලබාගෙන ඇත. 
 
වාර්තාවන අන්දමට දැරියගේ පියා මත්කුඩුවලට ඇබ්බැහි වූවකු වන අතර මව පොලිසියේ හා ප්‍රදේශයේ ප්‍රභූවරුන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන්නියකි.
 
තම දරුවා පිච්චුවා කියා ඇයගේ මව පිළිගෙන ඇති බව පොලිසිය විසින් පසුදා අධිකරණය වෙත ඉදිරිපත් කළ  බී වාර්තාවේ ද සඳහන් වේ. 
 
 
දැරිය ගෙදරින් පැන ගිය හේතුව සඳහන් නොකරමින් පොලීසිය උසාවිය නොමග යවා ඇති බවට මේවනවිට චෝදනා එල්ල වෙමින් තිබේ.
 
එසේම, එම දැරියගේ මව ගණිකාවක් බවට අනුමාන කළහැකි විස්තර එම දැරියට ප්‍රකාශකර ඇතයි ද රුවිනි වේල්ස්ට එරෙහිව පොලිසිය විසින් කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පැවසේ.
 
කෙසේවුවද රුවනි වේල්ස් එම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
 
 
ඒ සම්බන්ධයෙ පලවී ඇති සමාජ මාධ්‍ය පෝස්ටුවක මෙසේ සඳහන් වේ.
 

Post

 
දැරියගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට රුවිනි වේල්ස් දරණ ලද උත්සාහයේ දී මාතලේ පොලිසියේ හා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරියගේ රාජකාරි කටයුතු වලට බාධා කළ බවට චෝදනා එල්ල වී ඇත.
 
පොලිසියෙන් සිදු කෙරෙන බලපෑම් සම්බන්ධයෙන් රුවිනි වේල්ස් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති අතර ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවරයකු ගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදුකර තිබේ. 
 
පොලිසියේ නිලධාරීන් විසින් සිය රාජකාරිය පැහැර හැර ඇති බවටත් ඊට අදාල නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගතයුතු බවටත් එම පොලිස් විමර්ශණය මගින් පොලිස්පතිවරයාට නිර්දේශකර ඇතැයි ද වාර්තාවේ.
 
නිවසින් පලායමින් සිටි දැරියකට නිත්‍යානුකුලව රැකවරණය හා ආරක්ෂාව සැලසීමට කටයුතු කල අයකුට එරෙහිව නිත්‍යානුකුල ආයතන මෙසේ කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය එතරම් යහපත් නොවන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු පවසති.
 
එවැනි පෝස්ටු දෙකක මෙසේ සඳහන් වේ.
 
Post3
 

Post2

Post1

sdsd

jsdb
 
 
 
 

 


 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්