යහපාලන ආණ්ඩුව විසින් චීනයට විකුණු හම්බන්තොට වරාය නැවත පවරා ගැනීමට
ආණ්ඩුවේ අවධානය යොමුවී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
 
''ඒකට ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනත් ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙනවා.'' යයි ද ඔහු කියා සිටියි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 04 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබු මිනුවන්ගොඩ ආසන සමුළුවේ දී ඇමතිවරයා මේ බව අවධාරණය කළේ ය. මෙම සමුළුව උඩුගම්පළ දී පැවැත්විණි.
 
වරාය නැගෙනහිර ජැටිය විකිණීමට තමන් ද විරුද්ධ බවත් වත්මන් රජය යටතේ ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් සංචාරක ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.
 
රටට ආයෝජන ගෙනඒම ජාතික සම්පත් විකිණීමක් නොවන බව ද ඔහු අවධාරණය කර සිටියේය.
 
 
 
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග කියා සිටියේ, පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබුණු ජනවරමට පිටුපෑමට ආණ්ඩුව සුදානම් නොමැති බවයි. එම ජනවරමට හානි වන කිසිදු තීන්දුවක් ජනාධිපතිවරයා, අගමැතිවරයා ‍හෝ ආණ්ඩුව නොගන්නා බවට ද ඔහු සහතික වෙයි.
 
 
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේ ද කීවේය.
 
 
''අද බොහෝදෙනෙක් කෑ ගහනවා වරාය නැගෙනහිර පර්යන්ත පිළිබදව. අපි කවදාවත් දේශීය සම්පත් විකුණන්න ඉඩ දෙන්නේ නෑ. මමත් ඒකට විරුද්ධයි. 
 
ජනාධිපතිතුමා මාධ්‍ය නිවේදනයක් මගින් කිවුවා එතුමා ඒකට ඉඩ දෙන්නේ නෑ කියලා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේ ආණ්ඩුවත් ජාතික සම්පත් විකුණනන්න සුදානම් නෑ. අපේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් සුරැකීම මිසක් විකිණීම නෙමෙයි. 
 
ඒ නිසා නැගෙනහිර ජැටිය විකුණන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඒත් රටට ආයෝජන ගේනවා. ඒකෙන් කියන්නේ නෑ අපි නැගෙනහිර ජැටිය විකුණනවා කියලා. 
 
යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය වික්කා. අපි ඒක නැවත පවරා ගන්න කටයුතු කරගෙන යනවා. ඒකට ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනත් ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙනවා. 
 
මේක ජනතාවාදී ආණ්ඩුවක්. ඒ නිසා විපක්ෂයේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.
 
2019 ජනාධිපතිවරණයේදීත් 2020 මහමැතිවරණයේදී ත් ලබා දුන් ජනවරමට අපි කිසිසේත් පිටුපාන්නේ නෑ. ජනතාව අපි පිළිබද ව තැබු විශ්වාසයට කිසිදු පළුද්දක් ඇති වෙන්න අපි ඉඩ තබන්නේ නෑ.''
 
 
 
 
ඉන්දියාවට, ජපානයට ආයෝජනයට අවස්ථාව තියෙනවා. -නිමල් ලාන්සා
 
 
 
මේ අතර ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසන්නේ, නැගෙනහිර ජැටිය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බවයි.
 
ඔහු එබව සඳහන් කර සිටියේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් ඊයේ (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
 
''නැගෙනහිර ජැටිය ආයෝජන ව්‍යාප්තියකට ලබා දීම පිළිබදව විපක්ෂය බොරුවට කෑ ගහනවා. විපක්ෂය යහපාලන කාලයේ සියයට 85 ක් ඉන්දියාවට විකුණනන්න, බදු දෙන්න ගියේ. හැබැයි ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිව කියලා තියෙනවා නැගෙනහිර ජැටිය බදු දෙන්නෙත් නැහැ. විකුණන්නෙත් නැහැ කියලා. ආයෝජන අවස්ථාවකට පමණයි.'' ඔහු එහිදී සඳහන් කළේය.
 
ආයෝජන අවස්ථාවකට ලංකාවේ වගේම විදේශීය ඕන කෙනෙකුට ඉඩ දෙන්න පුළුවන්. ආයෝජන කළොත් තමා රැකියා ලැබෙන්නේ. කර්මාන්තපුර හැදෙන්නේ. විදේශීය විනිමය ලැබෙන්නේ. ඒ නිසා පැහැදිලිව කියනවා නැගෙනහිර පර්යන්තය ආයෝජනයකට පමණයි. 
 
ඉන්දියාවට, ජපානයට ඒ සදහා අවස්ථාව තියෙනවා. වෙනත් රටක් හරි ලංකාවේ කෙනෙකුට හරි ලංකාවේ නීති රීතී වලට යටත්ව ආයෝජනය කරන්න අවස්ථාව තිබෙනවා. '' රාජ්‍ය ඇමති  නිමල් ලාන්සා වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 

ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක් 

 

 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්