මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔහු මීට දින 03 කට පෙර (22) ස්වර්ණවාහිනී රතුඉර දේශපාලන වැඩසටහනට ද සහභාගී වූයේ ය.
 
මේ  අනුව කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
කෙසේ වුව ද මේ වන විට දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම් පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වෙයි.
 
 
 
බැසිලුත් පළමු පෙළ ආශ්‍රිතයෙක් ?
 
 
 
කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ පළමු පෙළ ආශ්‍රිතයන් 300ක් පමණ සිටින බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත. ඇමැතිවරිය පසුගිය දින පහක කාලයේ විවිධ රැස්වීම් සහ සාකච්ඡා කිහිපයකට සහභාගිවී තිබේ.
 
බැසිල් රාජපක්ෂ ඇතුළු දේශපාලකයින් මෙන්ම, අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීම්වලට සහභාගි වී තිබේ.
 
තමන්ගේ සමීපතම ආශ්‍රිතයන්ට ස්වයං නිරෝධායනය වන ලෙස ඇමැතිවරිය ඉල්ලීමක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුවේය. 
 
 
කෙසේ වෙතත් ඇමැතිවරියගේ සැමියා වන කාංචන ජයරත්න සහ දියණියක්ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට සහ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔවුන්ට වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ. 
 
 
 
ඇමැතිවරියගේ රියැදුරන්ට සහ ආරක්ෂක අංශයේ සාමාජිකයන්ට වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි කී අමාත්‍යංශ ප්‍රකාශකයා සැමියා, දියණිය සහ කාර්ය මණ්ඩලයේ සියලුදෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටින බවත්, ඒ නිසා ඇමැතිවරියගේ කාර්යාලය වසා මාධ්‍ය අංශය, හෙද අංශය, විභාග අංශ වසා දමා ඇති බවත් පැවසුවේය.
 
සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමටද පැමිණ ඇති අතර පාර්ලිමේන්තුවේ සවි කර ඇති සී.සී.ටී.වී. කැමරා ඔස්සේ ලබා ගත් දර්ශන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පරීක්ෂා කර තිබේ.
 
ඒ අනුව ඇමැතිවරිය එදින පස්වරු 3.59ට පමණ සභාගර්භයේ රැඳී සිට පසුව 4.40ට පමණ පිටව ගොස් තිබේ. එහි දී ඇය හා සමීප ආශ්‍රිතයන් නොමැති බවද නිරීක්ෂණය වූ බව වේත්‍රධාරිවරයා මාධ්‍යට පැවසුවේය.
 
 
 

pg01 1

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ ‘පැණියද’ මීට මාස දෙකකට පමණ පෙර ප්‍රසිද්ධියේ පානය කළාය.
 
 
ඇමැතිවරියට කොවිඩ් වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද ශාඛාවේ සහ විභාග ශාඛාවේ නව දෙනකුට පමණ පසුගිය සතියේ වයිරසය ආසාදනය විය.
 
අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේ කොවිඩ් ආසාදිත වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මේ වන විට කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බවයි.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

 
 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්