ඉතාලි ජාතිකයින්ගේ TikTok ගිණුම් අවහිර කරන ලෙස ඉතාලි රජය TikTok සමාගමෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, වයස අවුරුදු 10 ක් වූ දැරියකගේ මරණයෙන් පසුවයි.
 
TikTok හි අභියෝගයකට මුහුණ දුන් දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙම සිදුවීම ඉතාලිය කම්පනයට පත් කළ සිද්ධියක් බව වාර්තා වේ.
 
Blackout ලෙස හඳුන්වන මෙම අභියෝගයේදී සිදුවන්නේ හුස්ම ගැනීමකින් තොරව සිටිමින් වීඩියෝ නිකුත් කිරීම වන අතර එම අභියෝගය මේ දිනවල TikTok හි අතිශය ජනප්‍රිය වේ.
 
දැරියගේ දෙමව්පියන් පවසා ඇත්තේ , ඇය එම අභියෝගයකට සහභාගී වී ඇති බවත්, ඇගේ බෙල්ලේ පටියක් තබා ඇගේ හුස්ම අල්ලාගෙන සිටින බවත් ය.
 
මෙම සිදුවීම සියදිවි නසාගැනීම් සඳහා පෙළඹවීම ඇති කරන්නක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
චීනයේ හිමිකාරීත්වය දරන TikTok ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.
 
වයස අවුරුදු 13 ට අඩු ළමුන්ට TikTok සඳහා පිවිසීමට තහනම් කර ඇතත් එම සීමාවන් මග හරිමින් කුඩා ළමුන් TikTok සඳහා ලියාපදිංචි වන බවත් ඉතාලි රජය නිවේදනය කරයි.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි සියලුම ඉතාලි පරීශීලකයින්ගේ TikTok ගිණුම් ලබන පෙබරවාරි 15 වන දා දක්වා අත්හිටුවා ඇති බව යි.
 
 
නාමල් TikTok එයි.
 
Namal tiktokමේ අතර තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් දැනුම් දී ඇත්තේ, ටික්ටෝක් යෙදුම සමග නිළ වශයෙන් සම්බන්ධ වීමට කටයුතු කරන ලද බවත් අන්තර්ගතයන් හුවමාරු කරගැනීමට ඔහුගේ ටික්ටොක් ගිණුම හා එක්වන ලෙසත් ය. 
 
කෙසේවුවද, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ, තරුණ ඇමති ටික්ටෝක් වෙත තරුණ ප්‍රජාව යොමු කිරීමට ගන්නා උත්සාහය අනාගත අනතුරකට අත වැනීමක් බවයි.
 
එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබැව සඳහන් කර ඇත.
                                                         
මේ වනවිට එක්සත් ජනපදය, ඉන්දියාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, පකිස්තානය වැනි ප්‍රදේශයන්හි විවිධ හේතුන්මත ටික්ටෝක් තහනමට ලක්ව ඇති බවද ඔහු පෙන්වාදී ඇත.
  
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයකට ලක්වූ සයිබර් අපරාධ ගණනාවකම වින්දිතයන් ලෙස ටික්ටෝක් පරිහරණය කරන තරුණ දරුවන් පත්වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නිරීක්ෂණයට ලක්ව තිබේ. 
 
 
 
ටික්ටෝක් යෙදුම ක්‍රියාත්මක වන ස්වරූපය හේතුවෙන් කුඩා දරුවන් බොහෝ ප්‍රමාණයක් තම අධ්‍යාපන කටයුතු වලින් බැහැර වී කාලය කා දැමීම සදහා මෙම යෙදුම යොදාගන්නා අතර එම තත්වය අවස්තාවක් කරගනිමින් තම අපරාධමය අරමුණු ඉටුකර ගැනීම සදහා මාන බලන සයිබර් අපරාධ කරුවන්ගේ ප්‍රමාණයද ඉහල ගොස් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.
 
තරුණ ප්‍රජාව විවිධ සමාජ මාධ්‍ය යෙදුම් වලට යොමු කිරීමට ප්‍රථම ඒ ඒ සමාජ මාධ්‍ය අඩවිය ඔවුන්ගේ පරිශීලකයන්ගේ දත්ත සම්බන්ධයෙන්, එම පරිශීලකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන අකාරය සහ තරුණ ප්‍රජාවගේ හා දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල ඇති නීතිමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් අවධානය යොමු කොට පමණක් ටික්ටෝක් වැනි යෙදුම් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසත් නැතහොත් නොදුරු අනාගතයේදී මෙවැනි යෙදුම් මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය, තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂට දැනුම් දී සිටියි.
 
 
 
මංගලත් TikTok තරුවක් !
 
හිටපු අමාත්‍ය මංගල සමරවීර ද ටික්ටෝක් සමාජයට මෑතක දී එක්විය. මේ වනවිට ඔහු එම තරුණ සමාජය ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටියි.
 
 Mangala tiktok
 
 
සබැඳි පුවත් :

 


 

 
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

 
 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්