හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, අද දිනයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවී එම පක්ෂයේ  සාමාජිකත්වය ලබාගත් බව සජබ මාධ්‍ය අංශයේ ප්‍රධානියකු  'ද ලීඩර්' වෙත පැවසිය.

ඒ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද පවතී සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස පාඨලී චම්පික රණවක පත්කර ගත් බවයි.
 
එසේ වුවද සමගි ජන මාධ්‍ය ඒකකයෙන් අප වෙත යොමුකර ඇති නිවේදනයේ එවැනි පත්වීමක් ගැන සඳහන් නොවේ.
 
මෙම අපැහැදිලිතාවය හේතුවෙන් අප පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ හිතවතකුගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ, මෙම කරණය සම්බන්ධයෙන් චම්පික රණවක මන්ත්‍රීවරයා තව සුළු මොහොතකින් ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවයි.
 
සජබ නායක සජිත් ප්‍රේමදාසගේ ආරාධනය මත පාඨලී චම්පික රණවක අද පැවති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට නිරීක්ෂකයකු ලෙස සහභාගිවී සිටියේය.
 
එහිදී ඔහුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප නායකයකු ලෙස පත්කළ බවට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනද එම වාර්තා අසත්‍ය බව එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසිය.
 
 රැස්වීම අතරතුරදී ඔහු පිටව ගොස් තිබේ.
 
 
සජබ 2021 නිලධාරී මණ්ඩලය මෙන්න :
 
 
 
අද දින පැවති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී 2021 සඳහා පත්වූ නව නිළධාරි මණ්ඩලය මෙසේය .
 
 
නායක : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 
 
ප්‍රධාන ලේකම්:  රංජිත් මද්දුමබණ්ඩාර 
 
සභාපති: සරත් ෆොන්සේකා 
 
භාණ්ඩාගාරික: ආචාර්ය හර්ෂ ද සිල්වා
 
 ජාතික සංවිධායක: තිස්ස අත්තනායක
 
  
 ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු :
 
 රාජිත සේනරත්න, 
කුමාර වෙල්ගම, 
කබීර් හෂීම්, 
ලක්ෂ්මන් කිරිඇල්ල,
ඉම්තියාස් බාකීර් මාකාර්, 
රවී සමරවීර
 
 
 උප සභාපතිවරු : 
 
 
හරින් ප්‍රනාන්දු, 
තලතා අතුකෝරල, 
ගයන්ත කරුණාතිලක, 
පී. හැරිසන්, 
සුජීව සේනසිංහ, 
චන්ද්‍රානි බන්ඩාර, 
 දිලිප් වෙදආරච්චි, 
ඒ.එච්.එම් හලීම්. 
 
 
 මෙහෙයුම් ප්‍රධානී: හරින් ප්‍රනාන්දු
 
 ප්‍රධාන විධායක: අජිත් පී පෙරේරා 
 
 නියෝජ්‍ය මහ ලේකම්වරු: නලින් බන්ඩාර, අශෝක අබේසිංහ, රෝහිණී විජරත්න
 
නියෝජ්‍ය ජාතික සංවිධායක: ජේ.සී. අලවතුවල, බුද්ධික පතිරණ.
 
මාධ්‍ය ප්‍රකාශකවරු : එස්.එම් මරික්කාර්, මනූෂ නානායක්කාර
 
 
 
නමටවත් දෙමල ජාතිකයෙක් නැහැ ?
 
 
අද දිනයේ පත්කල සමගි ජන බලවේගයේ නිලධාරී මණ්ඩලයට නමට හෝ දෙමල අයකු නොවීම විශේෂ කාරණයකි.

 

 
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

 
 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්