මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ  පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර යුක්තිය ඉටු නොවී මේ වන විට එකොලොස් වසරක් ගත වී තිබේ.

ඒ නිමිති කොට  www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් ජනගත කිරීමට "එක්නැලිගොඩ සංසදය" කටයුතු සංවිධානය කර ඇත.
 
2021 ජනවාරි මස 25 වන සඳුදා සවස 4 සිට 6 දක්වා බොරැල්ල, ආචාර්ය ඇන්. ඇම් පෙරේරා පරිශ්‍රයේදී එම වෙබ් අඩවිය ජනගත කිරීමට නියමිත බව සංවිධායකයෝ පවසති.
 
"ප්‍රගීත් එක්නැලිගොඩ නම් ඒ මානව ප්‍රේමියා අපෙන් උදුරාගෙන වසර 11යි!" එම වෙබ් අඩවියේ තේමාවයි.
 
එකොලොස් වසරක් පුරා අතුරුදහන්  ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය සොයා තමන් කළ ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ ජීවත්ව සිටියදී ලිඛිත හා චිත්‍රයට නගන ලද සියල්ල එක්තැන් කරමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන බව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන ජාත්‍යන්තර සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාකාරිනි සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය.
 
එමෙන්ම ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීමට ලක්ව සිටින සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා පිළිබද තොරතුරුද එම වෙබ් අඩවියේ ඇතුලත් කර ඇති බව සන්ධ්‍යා එක්නැලිගොඩ වැඩි දුරටත්  සදහන් කරයි.
 
රටේ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වෙබ් අඩවිය ජනගත කිරීමේ මොහොතට විශාල පිරිසක් එක් කර ගැනීමට අපහසු නමුත් සිය මුහුණු පොත හරහා එදින  සිදු කරන සජීවි විකාශයට එක්වන ලෙස ඇය ඉල්ලා සිටී.
 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නන්ට මෙන්ම අතුරුදහන් වුවන් පිළිබදව තොරතුරු ගවේෂණය කරන්නන්ට ද එම වෙබ් අඩවිය ප්‍රයෝජනයට ගන්නා ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ ඉල්ලා සිටි.
 
"ලොවෙන් අතුරුදහන් කළ මිනිසුන් පිළිබඳ ලියවෙන - එසෙවන- පුබුදුවන  මතක මාවත" එළි දක්වන මොහොත හා එක්කාසු වන ලෙස ඇය වැඩි දුරටත් ඉල්ලා සිටි.
 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කර තිබුනේ 2010 ජනවාරි 24 දාය.
 
 
sandya 265 අතුරුදහන්ව සිටින සිය සැමියා සොයමින් යන ගමනේදී සන්ධ්‍යා එක්නැළිගොඩ ලොව ඉහලම සම්මානයකින්ද බුහුමන් ලැබුවාය.
 
 
 
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ද ඊට පෙර කැරලි වලින්ද අතුරුදහන් දහස් සංඛ්‍යාත ජනකායකගේ ඥාති සමුහයාගේ සංකේතයක් බවට පත්වූ කාන්තාවක් ලෙසින් සන්ධ්‍යා එක්නැලිගොඩ එක්සත් ජනපද ජගත් දිරිය කත සම්මානයෙන් 2017 වසරේදී පුද ලද්දීය.
 සම්මානය සඳහා ඇය තෝරාගැනීමට හේතු පාදක වූයේ අතුරුදහන් සිය සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ සත්‍යය හෙළි කරගැනීමට බාධා පෑ බලධාරීන්ගේ අවහිර නොතකා අසූ වතාවකට වඩා උසාවි ගානේ යමින් සන්ධ්‍යා විදහා දැක්වූ ධෛර්යය බව ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂැනොන් විසින් ප්‍රකාශ කර තිබුනි.
 
 

 
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

 
 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image