අද පැවති සමගි ජන බලවේගයේ රැස්වීමක දී තමාව ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරකට පත්කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 
 ''මේ වනවිට මෙම රැස්වීම සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ පුවත් රැසක් සමාජජාල මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ කිසිවක් සත්‍ය නොවන බව සමගි ජන බලවේගයේ විධායක සභිකයින් විසින් තහවුරු කරනු ඇත. '' යයි සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත්කරමින් ඔහු සඳහන් කර තිබේ.
 
අද දිනයේ පැවැත්වෙන සමඟි ජන බලවේගයේ විධායක සභික රැස්වීමට සහභාගී වන ලෙස එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ දිනයේදී තමා වෙත ආරාධනා කර සිටි බවත් ඒ අනුව තමා අද දිනයේදී එම රැස්වීමට සහභාගී වූ බවත් හෙතෙම පවසයි.
 
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
 
''එහිදී මා ඇතුලු මා සමඟ දේශපාලනයේ යෙදෙන කණ්ඩායම සමඟි ජන බලවේගය හා සෘජුව එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට එක්වන්නේ දැයි එම බලවේගයේ විධායක සභාව මා වෙතින් විමසා සිටි අතර මම ඒ සඳහා මාගේ පූර්ණ එකඟත්වය පළ කළෙමි. 
 
ඒ අනුව එම බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීළඟ හමුවේදී සමඟි ජන බලවේගයේ දේශපාලන යාන්ත්‍රණය තුල මා විසින් ඉටුකල යුතු වගකීම් කවරේද යන්න පිලිබඳව සාකච්ජා කොට දැනුම් දෙන බව විධායක සභාව විසින් මා වෙත දැනුම්දෙන ලදි.
 
පසුගිය මහමැතිවරණයේදී මා වෙත ඡන්දය ප්‍රකාශ කල ජනතාව නියෝජනය කරනුයේ සමඟි ජනබලවේගයේ දේශපාලන මතයයි.
 
 ඒ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනීසිටිමින්, නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීම සඳහා සමඟි ජන බලවේගයේ නායකත්වය සහ එහි සහෝදර සාමාජිකත්ව කණ්ඩායම සමඟ ඉදිරියටද ක්‍රියාකරන බව දැනුම්දීමට කැමැත්තෙමි. ''
 
පාඨලී චම්පික ‍රණවක
2021.01.25

 
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

 
 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්