සිසු දරුවන් පස් දෙනකු මරා දැමීම පිළිබඳව ලොවට හෙළි කිරීම නිසා ඝාතනය කෙරුණු දෙමළ මාධ්‍යවේදියකුගේ පහළොස් වැනි ගුණානුස්මරණය උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ දායකත්වයෙන් නැගෙනහිරදී පවත්වා
තිබේ.
අධි ආරක්ෂක කලාපයක පිහිටි ත්‍රිකුණාමලේ ආණ්ඩුකාර කාර්යාලය අබියස සිය නිවසට නුදුරේදී සුඩර් ඔලි හා උදයන් වාර්තාකාර සුබ්‍රමනියම් සුගීර්දරාජන් වෙඩි තබා මරා දමා තිබුනේ 2006 ජනවාරි 24 දාය. එදිනම පැහැරගෙන යන ලද දකුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අද වනතුරු අතුරුදහන්ය.
‘රාජන්’ නම් ප්‍රකට සුගීර්දරාජන් ඝාතනය කරන ලද්දේ ත්‍රිකුණාමලයේදී මරා දමන ලද සිසුන් පස් දෙනකුගේ ඝාතනයට රජයේ ආරක්ෂක අංශ වග කිව යුතු බවට ප්‍රබල සාක්ෂි දැක්වෙන ඡායාරූප පල කිරීමෙන් අනතුරුවය.
ෂන්මුගරාජා ගජේන්ද්‍රන්, ලෝගිදරාජා රෝහන්, තංගදුරෙයි සිවානන්දා, යෝගරාජා හේමචන්ද්‍රන් හා මනෝහරන් රජිහර් 2006 ජනවාරි දෙවැනිදා මියගියේ බෝම්බ ප්‍රවාහනය කරමින් සිටිය දී ඒවා පුපුරා යාමෙන් බවට ආණ්ඩුව සහ ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ අධිපති මාධ්‍ය ඔස්සේ ගෙනගිය ප්‍රචාරය බොරු කරන්නට රාජන්ගේ ඡායාරූප සමත් විය.
නිර්භීත ලෙසින් තම රැකියාවේ යෙදී කළ හෙළිදරව්වෙන් සති දෙකක් ගතවූ තැන ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ තම මාධ්‍ය සගයාට ඉටු නොවූ යුක්තිය පහළොස් වැනි අවුරුද්දේත් ඉල්ලමින් මේ වසරේ සමරුව සංවිධානය කර තිබුනේ නැගෙනහිර මාධ්‍ය සමාජය, යාපනය මාධ්‍ය සමාජය සහ ත්‍රිකුණාමලය මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.
“දකුණේ සිංහල බහුතරයක් දෙනා නොදත් සුබ්රනියම් සුගීර්තරාජන්ගේ දුෂ්කර වෘත්තීය දිවිය වනාහී සත්‍යගරුක හා එඩිතර මාධ්‍ය භාවිතාව පිළිබඳ දුලබ ජීවන පූර්වාදර්ශයකි,” යි මාධ්‍යවේදියා මරාදමා දස වසරක් ගෙවුණු තැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල විතානගේ ලියා තිබිණි.
(සුගීර්දරාජන්ගේ ජීවිතය හා ඝාතනය පිළිබඳ විස්තර රැගත් සම්පූර්ණ ලිපිය පහතින් පළවේ.)
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?