කෝවිඩ් වසංගතයෙන් මියයන සියල්ලන්ගේම මළ සිරුරු පිළිස්සීමේ ශ්‍රී ලංකා රජයේ බලහත්කාර ප්‍රතිපත්තිය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බරපතල
ලෙස හෙලා දැක තිබේ.
දැඩි ස්වරයෙන් යුත් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සිව් පුද්ගල විශේෂඥ මණ්ඩලයක් කෝවිඩ් රෝගාබාධිතව මියගිය අයගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවතා දමන ලෙස රජයට බලකර සිටී.
එය මුස්ලිම්වරුන්ගේ සහ රටේ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහිල්ලට හරස්ව යන බවත්, දැනටමත් පවත්නා අගතීන්, නොරුස්නා කම් සහ ප්‍රචණ්ඩතා තවත් පැසවන්නට මග පෑදිය හැකි බවටත් ඔවුහු අනතුරු අඟවති.
“රටේ සිටින මුස්ලිම්වරුන් සහ වෙනත් සුලුතරයන්ට හිංසා කිරීමක් බවට පත්වන, වෙනස්කම් පෑම, ආක්‍රමණශීලී ජාතිකවාදය සහ වර්ගකේන්ද්රීවාදය පදනම් කරගත් මෙයාකාර මහජන සෞඛ්‍ය තීන්දු අපි හෙලා දකින්නෙමු,” යනුවෙන් ජිනීවා නුවර සිට ජනවාරි 25 දා නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.
“සුළුතරයන්ට එරෙහිව කරනු ලබන එවැනි එදිරිවාදිකම් දැනටමත් පවත්නා අගතීන්, අන්තර් වාර්ගික ගැටුම් සහ ආගමික නොරුස්නා භාවය උග්‍ර කොට බිය සහ අවිශ්වාසය වපුරා වෛරය හා ප්‍රචණ්ඩතාව තවදුරටත් අවුළුවනු ඇත.”
ශ්‍රී ලංකා රජයේ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තියට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවද ඔවුහු දැඩි ලෙස අවධාරණය කරති.
“කෝවිඩ් 19 න් රෝගාතුර වූ හෝ වූ බවට සැක කෙරෙන්නාවූ හෝ සිරුරු සම්බන්ධයෙන් ගතයුතු එකම පියවර ලෙස ආදාහනය කිරීම මානව හිමිකම් උල්ලංඝනයක් වෙයි,” යනුවෙන් විශේෂඥයෝ කියා සිටිති.
“මළ සිරුරු භූමදානය කිරීමෙන් කෝවිඩ් 19 වැනි බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩිවන බවට කිසිදු වෛද්‍යමය හෝ විද්‍යාත්මක හෝ සාක්ෂි ශ්‍රී ලංකාවෙන් හෝ වෙනත් රටවලින් හෝ ලැබී නැත.”
වසංගතය නිසා බරපතල අභියෝග වලට මුහුණ දීමට සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා බව නිවේදනයේ සඳහන් වෙයි.
එසේවෙතත්, එහිදී ගනු ලබන පියවර මළගියවුන්ට, ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායට සහ ඥාතීන්ට ගෞරවයක් වන පරිද්දෙන් සිදුකළ යුතු බව විශේෂඥ මණ්ඩලය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය විසින්ද පිළිගන්නා ලද එක් දේශීය විද්වත් මණ්ඩලයක් භුමදානය අනුමත කරමින් ලබා දුන් නිර්දේශය නොතකා ආණ්ඩුව විසින් පත් කරන ලද වෙනත් මණ්ඩලයක් පිලිස්සීමම තහවුරු කරමින් දුන් නිර්දේශය පමණක් රජය විසින් පිළිගෙන තිබීම එක්සත් ජාතීන්ගේ අවධානයට ලක්වී ඇත.
“කෝවිඩ් 19 ආසාදිත සිරුරු බලහත්කාරයෙන් ආදාහනය නවත්වා දමන ලෙසත්, අසත්‍ය තොරතුරු, වෛරක්කාරී ප්‍රකාශ සහ මුස්ලිම් හා වෙනත් සුලුතරයන් වසංගතයේ රෝග වාහකයා ලෙස ගර්හාවට ලක් කිරීම් වලට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත්, වැරදි සහගත ලෙස සිදුකරන ලද ආදාහන සම්බන්ධයෙන් පිළියම් යොදා වගවීම තහවුරු කරන ලෙසත් අපි රජයට බලකර සිටිමු,” යි එක්සත් ජාතීන්ගේ විශේෂඥ නිවේදනය තරයේ කියා සිටී.
එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය මෙසේය:
Ahmed Shaheed, Special Rapporteur on freedom of religion or belief; Fernand de Varennes, Special Rapporteur on minority issues; Clément Nyaletsossi Voule, Special Rapporteur on the rights of peaceful assembly and association; and Tlaleng Mofokeng,Special Rapporteur on the right of everyone to the enjoyment of the highest attainable standard of physical and mental health
මූලාශ්‍රය :
ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක්
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?