ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස ජෙරම් ජයරත්න පත්කිරීම
මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.
ඒ, ඔහු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සමීපතම ඥාතියෙකු වීම නිසාය.
ජෙරම් ජයරත්න, අගමැතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිඳ වන ටට්යානා ගේ පියාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කළ අසන්ත ද මෙල් පෞද්ගලික හේතූන් මත එංගලන්තය සමඟ පැවැති තරගාවලියෙන් පසු එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නව කළමනාකරු වශයෙන් ජෙරම් ජයරත්නව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව ජෙරම් එළැඹෙන පෙබරවාරි මසදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ කලමනාකරු ලෙසින් කටයුතු කරනු ඇත.
මෙම තනතුරට අමතරව ජෙරම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන අතර කණ්ඩායම් කළමනාකරු ලෙසින් කටයුතු කරන්නේ අතුරු කර්තව්‍යයක් ලෙසිනි.
වෘත්තීය පුහුණුකරුවකු වන ජෙරම් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරද හෙබවීය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිරීමේදී අවස්ථා ගණනාවකදී කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇති ජෙරම් මෑතකදී කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.
කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වූ ජෙරම් ජයරත්න තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් 80 දශකයේ අග භාගයේ හා 90 දශකය මුල් භාගයේදී ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් තරඟ කර ඇත. එසේම, ඔහු CCC ක්‍රීඩා සමාජය ද නියෝජනය කර තිබේ.
ජෙරම් ජයරත්න, ටට්යානාගේ මව වන නීඩ්‍රාගෙන් දික්කසාද වී මේවනවිට වසර 20කට ආසන්නය. එම දික්කසාදයෙන් පසු ඩිලානි නමැත්තිය සමග විවාහ වූ ඔහුට එම විවාහයෙන් මේවනවිට යොවුන් වයසේ දියණියන් තිදෙනෙකු ද සිටියි.
පියා මවගෙන් දික්කසාද වන විට ටට්යානා කුඩා දැරියකි. රෝහිත රාජපක්ෂ සමග විවාහවන තෙක් ඇය මව සමග කොළඹ 'මොනාක්' මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටියාය.
ජෙරම් ජයරත්න දේශපාලනික වශයෙන් එජාප හිතවාදියකු ලෙස ප්‍රකටය.
හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සමයේ දී ද මොහු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
එම වකවානුවේදී පරාජයන් පිට පරාජයන් ලබාසිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තාන හා දකුණු අප්‍රිකානු විදෙස් සංචාර දෙකේදී ජයග්‍රහණය කරා ගෙනයාමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීමට මොහුගේ දායකත්වයද බෙහෙවින් ඉවහල් විය.

ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක්
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?