කිරි ගවයින්ට වැළඳී ඇති රෝගයකින් යාපනය, මඩකලපුව හා පුත්තලම ප්‍රදේශ වල කිරි ගවයින් 2000 කට වැඩි ගණනක් මේවනවිට මියගොස් ඇතැයි වාර්තාවේ.
 
නුවරඑළියේ පිහිටි සත්ව ගොවිපලවල් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද කිරි ගවයින් අතර ද මෙම රෝගය පැතිරයාමේ අවධානමක් මතුව ඇත. මෙම කිරි ගවයකුගේ මිල ලක්ෂ 10කට ආසන්නය.
 
මෙසේ ගවයින්ට වැළදෙමින් පවතින වෛරස් රෝගය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ සත්පුද්ගල කමිටුවේ වාර්තාව මේවනවිට පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යා ඩී බී හේරත් වෙත භාරදී ඇත.
 
එහෙත්, ඒ සම්බන්ධයෙන් ලබාදී ඇති නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට රජය මෙතෙක් නිසි පියවරක් ගෙන නැතැයි චෝදනා එල්ලවෙමින් තිබේ.
 
කිරි ගවයින් අතර වේගයෙන් පැතිරයන මෙම රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය එන්නත් මෙරට තුල නොමැති අතර ඒවා විදේශයෙන් ගෙන්වීමට මේ දක්වා කටයුතු කර නොමැත.   
 
ගවයන්ට වැළදෙන සමෙහි ගැටිති රෝගයක් වන මෙහි වාහකයා වන්නේ මැස්සන් බව අනාවරණය වී ඇත. එසේම, මදුරුවන් සහ මැක්කන්ගේ රුධිරය සම්ප්‍රේෂණය වීමෙන් ද මෙම රෝගය පැතිරෙයි.
 
COW
  
පශු විශේෂඥයින් පවසන පරිදි, ලම්පි ස්කින් රෝගය (Lumpy  Skin  Disease -LSD  )  කිරි ගවයන් තුළ දීර්ඝ කාලීන රෝගාබාධ ඇති කරන වෛරස් ප්‍රභේදයකි. 
 
එය කිරි ගවයින්ගේ ශරීරය පුරා සෙන්ටිමීටර දෙකේ සිට පහ දක්වා විෂ්කම්භයකින් යුත් කුඩා ගැට ලෙස  මතුවන අතර විශේෂයෙන් හිස, බෙල්ල, අත් පා, සහ ලිංගේන්ද්‍රිය වටා ඇතිවේ.
 
අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන ගවයන් ට හැදෙන වෛරස් ආසාදනයක් ප්‍රාදේශීය දිස්ත්‍රික්ක කිහිපයක ගවයින්ට බලපා ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. හෙට්ටිආරච්චි  පවසයි.
 
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී  යාපනයේ කෝපායි නගරයේ ගවයින්ට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ  බව වෛද්‍ය හෙට්ටිආරච්චි කියා සිටියි.
 
පසුව එය වවුනියා, අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම, කුරුණෑගල, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ගවයින්ට ව්‍යාප්ත වී තිබේ.
 
මෙමගින් ගවයන්ට ආහාර රුචිය නැතිවීමට ද එය හේතු වන බව ඇය පැවසුවාය. 
 
කිරි ගවයින් විසින් නිපදවන කිරි ප්‍රමාණය අඩුවීම සහ ගැබිනි එළදෙනුන් තුළ ගබ්සා මතු වීමේ හැකියාවක් ද පවතී. 
 
මෙම රෝගය 2019 නොවැම්බරයේදී දකුණු අප්‍රිකාවෙන් පිටත වෙනත් රටවල ද නේපාලයේ ගවයින් හට ද ආසාදනය වී ඇති බව අනාවරණය විය. එතැන් සිට එය බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාවේ දක්වාද ව්‍යාප්ත වී ඇත. 
 
World Map 
 
"එය පැපොල රෝගය (Chickenpox )ට සමානය . මෙම රෝගයට ගොදුරුවූ ගවයින් දැඩි වෙහෙසට පත්ව ආහාර ගැනීම නතර කරයි. රෝගයේ ප්‍රතිඑලයක් ලෙස එළදෙනුන්ගේ කිරි නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වේ. සාමාන්‍යයෙන් කිරි ලීටර් 12 ක් පමණ ලබා දෙන එළදෙනෙකු රෝගයට ගොදුරු වූ පසු ලබා දෙන්නේ කිරි ලීටර් 2 කට වඩා අඩු ප්‍රමාණයක් බව" ගව පාලනයේ යෙදෙන ගොවි මහතුන් පෙන්වා දුන්නේය. 
 
මෙම රෝහය වැළැක්වීම සදහා කඩිනම් උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බවත් මෙම රෝගය වෙනත් රටවල හැසිරෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් මෙහි හැසිරෙනු ඇති බවට පශු වෛද්‍යවරන් අනතුරු අඟවා සිටයි.
 

 
 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ?
 
 
ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක්
 
 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්