ලොව සුපිරි ධනවතුන්ගේ රහස්‍යභාවය රකින යුරෝපයේ කුඩාම රටක් සමග ශ්‍රී ලංකාව
රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, යුරෝපයේ කුඩාම රාජ්‍යයක් ලෙස සැලකෙන ලිච්ස්ටෙන්ස්ටයින් (Liechtenstein) රට සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ඊයේ (26) හිමි විය.
යුරෝපයේ සිව්වැනියට කුඩාම රාජ්‍යය වන ලිච්ස්ටෙන්ස්ටයින් රාජ්‍යයේ ජනගහනය 32,000ක් පමණ වේ.
වර්ග කිලෝමීටර 160ක භූමි භාගයක පිහිටා ඇති මෙම රට සැලකෙන්නේ නිදහස් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලොව සුපිරි ධනවතුන් ආකර්ශනය කරගන්නා රටක් ලෙසය.
සුපිරි ධනවතුන්ගේ ගනුදෙනු පිළිබඳ රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය සුරැකීමට මෙම රාජ්‍යය නම් දරා සිටී.
එම රටේ ජනගහනයට වඩා, ලියාපදිංචි කළ සමාගම් සංඛ්‍යාව වැඩිවීම තවත් විශේෂත්වයකි.
සීෂෙල්ස් දූපතට පවුලේ ඥාතියෙක් !
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් සීෂෙල්ස් දූපතේ නව මහකොමසාරිස් පදවියට පවුලේ සමීපතම ඥාතියකු නම් කර ඇත.
කියවන්න
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ?
ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක්