ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 05ක්
අද(28)  පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.
 
ඒ, ඉන්දියාවේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකිනි.
 
එසේ මෙරටට රැගෙන එන මෙම එන්නත් තොගය අද පෙරවරු 11ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කටුනායක ගුවන් තොටුපළේදී නිල වශයෙන් භාර ගැනීමට නියමිතය. 
 
එන්නත් කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ කෙරෙන අතර පළමු අදියර යටතේ කොරෝනා මර්දන කටයුතුවල නිරත ඉදිරිපෙල කණ්ඩායම් සඳහා ලබා දීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසිය.
 
 

 
මෙලෙස අද  දිවයිනට රැගෙන එන ඇස් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොගය ගුවන් තොටුපොලේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතාගාර වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව ඇත.
 
 අනතුරුව එම එන්නත් මාත්‍රා සෙල්සියස් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තැබෙන බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
මේ අතර ඉදිරියේදී චීනයෙන් සහ රුසියාවෙන් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ප්‍රදාන මෙරටට හිමි වීමට නියමිත බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී ප්‍රකාශ කළේය.
 

 lalith ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා "මාත්‍රා මිලියන තුනක් මිලදී ගන්නවා" - ලලිත් වීරතුංග 
 
 
කෝවිඩ්-19 රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම පිණිස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන තුනක් ඉන්දියාවේ එන්නත නිෂ්පාදනය කරන සේරම් ආයතනයෙන් මිලදී ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පවසයි.
 
ඉන්දියාව විසින් ප්‍රදානය කරන ලද එන්නත් මාත්‍රා ලක්ෂ පහක් බ්‍රහස්පතින්දා උදෑසන ශ්‍රී ලංකාවට ලඟාවනු ඇති අතර එදිනම කොරෝනා රෝගය සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ට එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
 
කොරෝනා රෝගය මැඩලීම පිණිස මෙතෙක් ශ්‍රී ලංකාව අනුගමනය කළේ විවිධ දේශීය වෛද්‍යවරුන් යයි පැවසූ පුද්ගලයන් නිපද වූ "පැණි" වර්ග භාවිතය හා නොයෙකුත් විශ්වාසයන් උඩ පදනම්ව ආශීර්වාද කරන ලද වතුර මුට්ටි ගංගාවලට එකතු කිරීම් වැනි කටයුතුය.
 
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සායනිකව තහවුරු කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ පළමු අවස්ථාව මෙය වේ.
 
ලලිත් වීරතුංග පැවසුයේ, මෙම එන්නත ඉදිරි දින දෙක තුළ ඉන්දියාවේ සේරම් ආයතනයෙන් මිලදී ගැනීම පිණිස ඇණවුම් ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය සිදුකරන්නේ රජය මගින් පමණක් බවය.
 116663721 gettyimmagescovidGETTY IMAGES
 
 
 
එන්නත් ලබාදෙන අනුපිලිවෙල මෙන්න :
 
ඔහු තවදුරටත් පැවසුවේ එන්නත් ක්‍රියාවලිය මුළුමනින්ම රජය මගින් දියත් කිරීමට කටයුතු කර ඇති අතර, එය ඡන්ද හිමි නාම ලේඛනයට අනුව පුද්ගලයන්ට ලබාදීමට කටයුතු කරන බවයි.
 
"පළමුවෙන්ම මෙය සෞඛ්‍ය සේවයේ නියුතු අයටත් ඉන් අනතුරුව හමුදාවේ හා ආරක්ෂක සෞඛ්‍ය අංශයන්ට පිහිට වන ඉදිරි පෙළ සේවයේ නියුතු අයටත් ඉන් අනතුරුව වයස අවුරුදු 60 ට වැඩි පිරිස්, ඔවුන්ගෙනුත් බෝ නොවන රෝග එනම් හෘද රෝග, දියවැඩියාව වැනි රෝග ඇති අයට ප්‍රමුඛත්වය ලබාදෙනවා," යනුවෙන් ලලිත් වීරතුංග පැවසීය.
 
"අපි ඡන්ද හිමි නාමලේඛනය අනුව ග්‍රාම නිලධාරිවරයා හරහා සිදුකිරීමට බලාපොරොත්තුවනවා, අපිට දැනට සමහර අය කියා තියෙනවා ඒ අයගේ නම් ජන්දහිමි නාම ලේඛනයේ නැති බව අපි බලපොරොත්තු වෙනවා සියලුම පත්තරවල නිවේදනයක් දාලා ජනතාව දැනුවත් කරන්න."
 AZ
 
ශ්‍රී ලංකාවට චීන එන්නත් ලක්ෂ තුනක් ද ළඟදීම ලැබෙනු ඇතැයි පැවසූ ඔහු, චීන හා රුසියානු එන්නත් දේශීයව භාවිතයට අනුමත කිරීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර ඇති අතර ඒ සඳහා නිෂ්පාදකයින්ගෙන් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බවත් පැවසීය.
 
සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුට මේ වන විට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට ද වෛරසය ආසාදනය වී තිබේ.
 
පසුගිය ඔක්තෝම්බර් මාසයේ කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමේ සිට ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරස් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණු අතර ඊයේ සවස් භාගය වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 60,233ක් දක්වා ඉහළ ගොස් තිබු අතර මරණ 288 ක් වාර්තා වී තිබිණ.
 
(මුලාශ්‍රය - BBC සිංහල සේවය)
 

 

 


 

 
රන්ජන් හිරේ දැම්මේ අධිකරණ ක්ෂේත්‍රයේ නිසි කළමනාකරණයක් නැති නිසාද? 
 
 
 
මක්ක කරන්නෙයි, ප්‍රබල ඇමතිට නින්ද නොයන ලෙඩක් !
 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්