කෝවිඩ්-19 රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම පිණිස විදෙස් වලින් ගෙන්වන එන්නත් ලබාදීමේදී අත්‍යවශ්‍යම හා සුදුසුම අය වෙත ප්‍රමුඛතා පදනමකින් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එය ඉතාමත්ම සාධාරණ
හා විනිවිදභාවයෙන් යුතුව සිදුවනු ඇතැයි  බලාපොරොත්තු වන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය පවසයි.
 
හිටපු කතානායක කරු ජයසුරිය එබව කියා සිටියේ අද (28) පැවති මාධ්‍ය හමුවකදීය.
 
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” එන්නත් පළමු තොගය අද මෙරටට ළඟා විය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එම තොගය නිල වශයෙන් භාරගැනීම සිදු විණි.
 
“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයයි.
 
මෙරට තුළ හදිසි භාවිතය සඳහා “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” කොවිඩ් එන්නත යොදා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය දා අනුමැතිය ලබා දුන්නේ ය.
 
ඒ අනුව එම එන්නතෙන් මාත්‍රා ලක්ෂ 5 ක් අද පෙරවරුවේ නවදිල්ලි නුවර සිට බොම්බායි හරහා කටුනායකට රැගෙන ආවේ ඒ අයි 281 නමැති ශීතාගාර පහසුකම්වලින් සමන්විත ගුවන් යානයෙනි.
 
 
 

COVID V INDIA        ජනපති කොවිඩ් එන්නත් භාරගත් අවස්ථාව

 
 
 
මෙසේ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් පුරවැසියන් ලෙස අප සැවොම ඉන්දීය රජයටත්, චීන රජයටත් ස්තූතිවන්ත විය යුතු බවද කරු ජයසුරිය අද පැවති මාධ්‍ය හමුවේදී  කියා සිටියේය. 
 
 
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද සඳහන් කළේය.
 
 
''කොවිඩ් වසංතය පාලනය කිරිම සඳහා ඉන්දියානු රජයෙන් එන්නත් තොගයක් ලංකාවට ලබා දෙනවා. එමෙන්ම චීන රජයෙන්ද එවැනි පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බවට ඊයේ නිවේදනය කර තිබෙනවා. මේවා අදාල රටවලින් සිදු කරන පරිත්‍යාග. ඒ පිළිබදව අප අතිශයින්ම සතුටු වෙනවා. ඒවගේම පුරවැසියන් ලෙස අප ඉන්දීය රජයටත්, චීන රජයටත් ඒ පිලිබදව ස්තූතිවන්ත වෙනවා.
 
මේ තත්වය තුළ අදාල එන්නත් අත්‍යවශ්‍යම හා සුදුසුම අය වෙත ලබාදෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. එය ඉතාමත්ම සාධාරණ හා විනිවිදභාවයෙන් යුතුව සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
 
 
 
ඒවගේම රජයේ සමහර අංශවල සිදුව ඇති වංචා හා දූෂණ ගැන ජනාධිපතිවරයා දැඩිව කතා කලා ඒ ගැන අපි සතුටුවෙනවා. සතොස සීනි ගණුදෙනුව හා ලංකා බැංකුවේ ණය මුදල ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කලොත් එය ජනාධිපතිගේ කීර්ති නාමයට වැදගත් බව අප කිහිප විටක්ම සඳහන් කලේ ඒ නිසයි. 
 
 
 
නමුත් තවමත් මේ පිලිබදව රජයේ ස්ථාවරය පැහැදිලි කර නැ. එය සවිස්තරාත්මක පැහැදිලි කිරිමක් විය යුතුයි. එසේ නොවීම නිසා දැනටමත් මේ ගැන සමාජය තුළ යම් බලවත් අවිශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. 
 
එය සාධාරණ අවිශ්වාසයක්. යම් පදනමක් ඇතිව ගොඩනැගී ඇති අවිශ්වාසයක්. අප මේ කරුණු අවධාරණය කරන්නේ හේතු සහිතවයි. එමෙන්ම සත්භාවයෙන් යුතුවයි. 
 
 
 

srilankabrief12      ආදාහනය කළ ළදරුව සිහිකරමින් බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසන තරුණියක් (සේයා -srilankabrief.org)

 
 
 
තවමත් නොවිසදු රටට විශාල හානිකර කරුණක් විය හැක්කේ කොවිඩ් වසංගතය නිසා සිදුවන මුස්ලිම් මරණ ආදාහනය කිරීම. ලෝකයේ බොහෝ රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අද ඒ ගැන දැඩි ස්ථාවරයක් ගෙන තිබෙනවා. 
 
මුස්ලිම් රටවල් දැනටමත් තම අසතුට ප්‍රකාශ කර තිබෙනවා. අන්තර්ජාතිකව අප තනිවුණොත් පීඩා විඳින්නේ අසරණ ජනතාවයි. තවත් කල් නොහැර මේ ගැන රජයේ ස්ථාවරය අවසාන වශයෙන් පැහැදිලි කිරීම යෝග්‍ය බව අපගේ හැඟීමයි.
 
 
අලි - මිනිස් ගැටුම :
 
 
 
එමෙන්ම මේ දිනවල අලි - මිනිස් ගැටුම නිසා ඇතිව තිබෙන ජනතා පීඩනය ගැන රටේ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා. ජීවිත අහිමිවීම්, නිවාස, බවභෝග විනාශවීම් ආදිය නිසා අසරණ ජනතාව ගෙවන දුක්ඛිත ජීවිත ගැන අපගේ අවධානය යොමුවිය යුතුයි. 
 
මේ කරුණ අපගේ බුද්ධි මණ්ඩලය විසින් අධ්‍යයනය කර අපගේ අදහස් මීට පෙරත් ඉදිරිපත් කර තිබෙනවා.
 
කිසිම ආණ්ඩුවක් මෙතෙක් මේ ප්‍රශ්ණයට විසඳුම් සෙවීම සඳහා පියවරක් නොගත් බවටයි ජනතාව චෝදනා කරන්නේ. 
 
 
අලි - මිනිස් ගැටුම ගැන උපදෙස් ලබාගත හැකි කීර්තිමත් වියතුන් අපේ රටේ සිටිනවා. ඔවුන්ගේ ප්‍රකාශන ලෝක ඇගයීමට ලක්වී තිබෙනවා. ඒවාහි ඇති නිර්දේශ සමහර රටවල් දැනටමත් උපයෝගී කරගෙන තිබෙනවා. 
 
 
ලංකාවේ දැනටමත් ආදර්ශ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව,මැලේසියාව හා මියන්මාරය වැනි රටවල නියෝජිතයින් මෙම ආදර්ශ ව්‍යාපෘති අනුකූලව තමන්ගේ රටේ අලි - මිනිස් ගැටුම් බොහෝ දුරට විසඳාගෙන තිබෙනවා. ඒවගේම අප්‍රිකානු රටවල් 13ක නියෝජිතයින් 2017 ලංකාවට පැමිණ අපගේ ක්‍රමවේදය අධ්‍යයනය කරගෙන තිබෙනවා.
 
 
 
අපි මේ කරුණු දෙවැනි වතාවටත් සඳහන් කරන්නේ මෙම ප්‍රශ්ණය විසදීමට අවශ්‍ය බුද්ධිය මේ රට තුළ තිබෙන බව කීමටයි. අවශ්‍ය වන්නේ රජයේ ක්‍ෂණික අවධානය යි. මෙම ගැටලුව විසදීමට ගම සමඟ බද්ධ වියයුතුයි. ග්‍රාම නිළධාරී සිට දිසාපති දක්වා සෑම නිලධාරියෙකුම මේ කණ්ඩායමට ඇතුළත් වියයුතුයි. දැනට වගා හානිය සඳහා කිසිම වන්දියක් නොගෙවීම අසාධාරණයි.
 
මෙම ජනතාව බොහෝවිට වගා කටයුතු සිදු කරන්නේ තමන්ගේ කන කර බඩු උකසට තබා මුදල් ලබාගෙනයි. එම නිසා තමන්ගේ කන කර බඩු උකස් කර ලබාගත් මුදල් විනාශ වූ විට නැගෙන අදෝනාව අප අසා තිබෙනවා.එවිට අපටත් ඇතිවන්නේ දැඩි වේදනාවක්.
 
එම නිසා වන සතුන් විසින් සිදුකරන වගා හානි සඳහා අදාල ගොවීන්ට කිසියම් වන්දි මුදලක් ගෙවීම ඉතාමත්ම සාධාරණයි. මෙම කටයුතුවල සාර්ථක ප්‍රතිළුල ලැබීමට නම් ජනාධිපති කාර්ය සාධක බලකායක් වහාම ස්ථාපිත කළ යුතුයි. එහිදී ශ්‍රී ලංකා යුධ හමුදාවට විශාල කාර්යභාරයක් කළ හැකියි.''
 

 
 
 
 
 
රටේ ප්‍රශ්න තුනකට පිළිතුරු සොයාගත් මුරුත්තෙට්ටුවේ හිමිගේ උපන්දින සාදය 
 
 
 මක්ක කරන්නෙයි, ප්‍රබල ඇමතිට නින්ද නොයන ලෙඩක් !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්