තමන් ප්‍රධානියා වශයෙන් කටයුතු කරන BDO Partners ආයතනයට මහජන බැංකුව විසින් ලබා දුන් ණය තමන්ගේ මැදිහත් වීම මත සිදු නොවු බව මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ අවධාරණය කර සිටියි.
 
 ඔහු එබව කියා සිටියේ,  ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින්, 'මහජන බැංකුවේ සභාපති, මහ බැංකුවේ නියෝග කඩකර මිලියන 25ක් අරන් ?' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' හි අද (29) පළවූ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. 
 
 
 
එම ණය අනුමැතිය සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවකදී තමන් මැදිහත් නොවු බව අවධාරණය කරමින් ඔහු විසින් පල කළ ප්‍රතිචාරය, 'පිළිතුරු දීමට ඇති අයිතිය' යටතේ කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර තිබේ.
 
එම පැහැදිලි කිරීම මෙසේය.
 
 “ වසර 30 පැරණි මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක් හැටියට මාගේ ආයතනය වන BDO Partners ආයතනයට පසුගිය වසර 10 ක වසර 15 ක මුළුල්ලේම මහජන බැංකුව සමඟ ණය ගනුදෙනු සිදු කර ඇත. 
 
මහත් ප්‍රසිද්ධියට පත් කර ඇති මෙම රුපියල් මිලියන 25 ක ගනුදෙනුව මගේ ආයතනය විසින් මහජන බැංකුවේ සහ ශ්‍රී ලංකා මහබැංකුව විසින් ප්‍රදානය කර ඇති 4% ක පොලිය මත ලබා දෙන කාරක ප්‍රාග්ධන ණය ක්‍රමය යටතේ ඉල්ලුම් කර ඇති අතර එය බැංකුවේ සිටින නිලධාරින් මගින් ඔවුන්ගේ අනුමැති ඇතිව සහ අධ්‍යක්ෂක මණ්ඩල ණය කමිටුවේ අනුමැතිය ඇතිව සහ සභාපති වශයෙන් මම සහභාගි නොවු තීරණයක් මත මෙම ණය මුදල ප්‍රදානය කර ඇත. 
 
එසේම මෙම ණය මුදල සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ ණය අනුමැතිය ලබා දෙන ගෙන ඇති අතර ණය මුදල් ප්‍රදානය කල පසුද අධ්‍යක්ෂකවරයෙකුගේ ගනුදෙනුවක් ලෙස මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා මහබැංකුවට වාර්තා කර ඇත. 
 
මේ සම්බන්ධව වැඩිදුර කරුණු අවශ්‍යනම් මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රංජිත් කොඩිතුවක්කු (එවකට ණය මුදල අනුමත කිරිමේ එක් නිලධාරියෙකු වු ) ගෙන් ලබා ගත හැකිය. ''
 
 
 
 
ක්‍රිකට් බිස්නස් එක ක්‍රිකට් ක්‍රීඩාවක් කරන්නේ මෙහෙමයි !
 

 
 

මැදගොඩ හිමි සර්ට දුන් අලුත්ම පොරොන්දුව! | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්