මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වන කිසිඳු අපේක්ෂකයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්නොකරන බවටත්, රජයේ කිසිඳු තනතුරක් ලබා නොදෙන බවටත් ජනාධිපතිවරයා පසුගිය මහ මැතිවරණයට
 
පෙර ජනතාව හමුවේ ලබාදුන් පොරොන්දුව, 'වියත්මඟ'  ප්‍රධානියකු රජයේ තනතුරකට පත්කිරීම හරහා කඩකර ඇති බවට මැසිවිලි පලවෙමින් වෙමින් තිබේ.
 
එසේ රජයේ තනතුරකට පත්කර ඇත්තේ 'වියත්මඟ' සංවිධානය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රීක්කයෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ අනුර ප්‍රනාන්දු ය.
 
වෘත්තීයෙන් ගණකාධිකාරීවරයෙකු වන අනුර ප්‍රනාන්දු, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලංකා බැංකුවට අනුයුක්ත සී බෑන්ක් ඇසට් මැනේජ්මන්ට් ආයතනයට (Ceybank Asset Management Ltd) පත්කර ඇත.
 
ඔහුගේ මෙම පත්කිරීමත් සමග පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු හිටපු ප්‍රබලයින් රැසක් රජයේ තනතුරු ඉල්ලමින් බැසිල් රාජපක්ෂ පසුපස යන බව 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
 
මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වුවහොත් රජයේ කිසිඳු තනතුරක් නොදෙන බවට ජනාධිපතිවරයා කළ දැනුම්දීම හේතුවෙන් ඡන්ද අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටි සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතනවල සභාපතිකම් දරන ඇතැමුන් අවධානමක් නොගෙන මැතිවරණ සටනින් ඉවත්ව තිබිණ.
 

de46d282 b51c 4445 a1ca ab4da51357baසමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොස්ටුවක් ..

 

 

 


 

ක්‍රිකට් බිස්නස් එක ක්‍රිකට් ක්‍රීඩාවක් කරන්නේ මෙහෙමයි !
 
 
 
මැදගොඩ හිමි සර්ට දුන් අලුත්ම පොරොන්දුව! | The Leader TV
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්