කොවිඩ් එන්නත ලබාදීමේදී ගුරුවරුන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ගෙන් ඉල්ලා සිටියි.
හිටපු අධ්‍යාපන ඇමතිවරයා එම ඉල්ලීම කළේ,  ඊයේ (29) පස්වරුවේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ පැවති ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රමයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
 
කොවිඩ් 19  කලමනාකරණය කළ  ලොව හොදම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පැමිණීමේ ගෞරවය ජනාධිපතිවරයට හිමිවිය යුතු බවද ඔහු එහිදී කියා සිටියේය.
 
 
''මේ වනවිට අපේ  රටේ  ලක්ෂ 42 ක් පමණ පාසල් දරුවන් සිටිනවා. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම මේ දරුවන්ගේ වටිනාකම හොදින්ම දන්නවා. ඒ නිසා තමයි මම අද ලලිත් වීරතුංග ජනාධිපති ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළේ, මෙරටට ලැබුණ කොවිඩ් එන්නත ලබාදීමේදී,  අපේ පාසල් පද්ධතියටත් ප්‍රමුඛස්ථානයක් ලබාදෙන්න කියලා. 
 
අපේ සෞඛ්‍ය අංශ වෙත ප්‍රථමයෙන්ම මෙය ලබාදීම ඉතාමත් වැදගත්. ඒ වගේම  ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි අංශයන්ටත් විදුලි බලාගාර ආශ්‍රිත සේවයන්ටත් ප්‍රමුඛස්ථානයක් ලබාදීම රජයේ වැදගත් පියවරක්. 
 
ඒ වගේම අපේ දරුවන්ගේ දෙනෙත් පාදන ගුරු පරපුර ගැනත් අපි සැලකිළිමත් වියයුතුමයි. '' යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එම රැස්වීමේදී කියා සිටියේය.
 
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
 
 
 
''කොවිඩ් 19  කලමනාකරණය කළ  ලොව හොදම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පැමිණීමේ ගෞරවය ජනාධිපතිතුමන්ට හිමිවිය යුතුයි.'' - විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
 
''මේ වනවිට සමස්ත ලෝකයම රුදුරු කොවිඩ් මාරයා වෙලාගෙන අවසන්. ලෝකයේ රටවල් අතරින් කොවිඩ් 19 වසංගත තත්ත්වය කළමනාකරණය කළ හොදම රටවල්  10 අතරට  අද ලංකාව පැමිණිලා තිබෙනවා. එහි ප්‍රධාන ගෞරවය ජනාධිපතිතුමාට ලබාදිය යුතුයි. 
 
එතුමාගේ දූරදර්ශී නායකත්වය තුළින් රට තුළ ක්‍රියාත්මක කළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් තුළින් තමයි අපේ රටට මෙවැනි තත්තවයකට පත්වීමට අවස්ථාව ලැබුණේ. ඒ නිසා එහි පූර්ණ කෘතවේදත්වය අපි ලෝබ නැතිව, කුහක නැතිව ජනාධිපතිතුමන්ට ලබාදිය යුතුයි'' යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
vcxv

 

 


 

ක්‍රිකට් බිස්නස් එක ක්‍රිකට් ක්‍රීඩාවක් කරන්නේ මෙහෙමයි !
 
 
 
මැදගොඩ හිමි සර්ට දුන් අලුත්ම පොරොන්දුව! | The Leader TV
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්