මානව පටක බද්ධ කිරීමේ  (1987 අංක 48) -  පනත උල්ලංඝනය කරමින්  දිවයිනේ ජාලයක් ලෙස පැතිරී ගිය
නීති විරෝධී මිනිස් අවයව ජාවාරම දැන් බෞද්ධ භික්‍ෂූන්ව ඉලක්ක කර ගනිමින් සිටින බව වාර්තා වෙයි. 
 
වෛද්‍යවරුන් කණ්ඩායමකින් සැදුම් ලත් මෙම මාෆියාව තම තැරැව්කරුවන් ලංකාවේ විවිධ පන්සල් වලට යවමින් වකුගඩු දන් දීමට තරුණ බෞද්ධ භික්‍ෂූන්ව පෙලඹවා ගනිමින් සිටිති. 
 
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ගරු අනුශාසක පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පෙන්වා දෙන ආකාරයට වකුගඩු දන්දෙන පිරිස අතර වැඩිපුරම සිටින්නේ බෞද්ධ භික්‍ෂූන්‍ ය. 
 
මොවුන් භික්‍ෂූන්වහන්සේලා වෙත තැරැව්කරුවන් යවමින් භික්‍ෂූන්වහන්සේලා වකුගඩු දායකයන් බවට පත් කරගෙන වකුගඩුවක් රුපියල් මිලියන 30- 40 අතර මුදලකට කළු කඩයේ විකුණති. 
 
මෙම මාෆියාවේ තැරැව්කරුවන් දැන් පන්සල් වල සැරි සරති. ඔවුන් භික්‍ෂූන්ව වකුගඩු පරිත්‍යාගයට පොලඹවති. මුලදී දානයේ ආනිසංස කීමෙන් ද පසුව මුදල් දීමෙන් ද තැරැව්කරුවෝ බෞද්ධ භික්‍ෂූන්ව රවටා ගනිති. මොවුන් ගේ උපක්‍රම වලට බොහෝ තරුණ බෞද්ධ භික්‍ෂූන් අසුවී තිබේ.
 
Ranga Weerakkodyවකුගඩු දායකයන්ව දිරිමත් කරමින් වෛද්‍ය රංග වීරක්කොඩි විසින් ලියන ලද පත්‍රිකාවක් තැරැව්කරුවන් මාර්ගයෙන් බොහෝ පන්සල් වලට බෙදා තිබේ. වකුගඩු දන් දෙන්නේ මෙහෙමයි" යන නමින් ලියා ඇති පත්‍රිකාවේ ඔහු මෙසේ ලියා තිබේ.
 
"වකුගඩු දායකයන් හට දීර්ඝකාලීන අතුරු ආබාධ සාමාන්‍යයෙන් ඇති වෙන්නේ නෑ. පර්‍යේෂණවලින් පෙන්වා දෙන පරිදි අධිරුධිර පීඩනය ඇති වීමේ සුළු අවදානමක් නම් තිබෙනවා. ඒ හැර තනි වකුගඩුවක් ඇති කෙනෙක්ට විශේෂිත වූ සංකූලතා ප්‍රශ්න වීමට සුළු ඉඩක් තිබෙනවා. (උදා. ගලක් හිර වීම, පිළිකා ඇති වීම, අනතුරුවලට ලක්වීම). සාමාන්‍ය කෙනෙක්ට වඩා නිතර වෛද්‍ය අවධානයට ලක්වන නිසා, වකුගඩු දායකයන්ගේ රෝග කලින්ම හඳුනා ගත හැකි නිසා ඔවුන් සම වයසේ පුද්ගලයන්ට වඩා වැඩි කලක් ජීවත්වන බව පර්‍යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා." 
 
වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි ගේ පත්‍රිකාව වකුගඩු දායකයන් නොමග යවන හා වකුගඩු දායකයන් බිළිබා ගන්නා කූට ලියවිල්ලක් ලෙස නම හෙලි කිරීමට අකමැති ප්‍රකට වකුගඩු පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු පෙන්වා දුන්නේය.  
  
 
වකුගඩුවක මිළ ලක්ෂ 30 ක් :දායකයාට ලක්‍ෂ 3-5 ක අතර මුදලක්:
 
වකුගඩු මාෆියාව විසින් දිරිමත් කිරීම නිසා බොහෝ බෞද්ධ භික්‍ෂූන් වකුගඩු දන් දී තිබේ.  බෞද්ධ භික්‍ෂූන්ව රවටා ලබා ගන්නා මෙම වකුගඩු, මාෆියාව විසින් රුපියල් මිලියන 3- 4 අතර මිලකට වකුගඩු රෝගීන්ට විකුණති. 
 
''සාමාන්‍යයෙන් නීති විරෝධී වකුගඩු ජාවාරමේදී රෝගියාගෙන් ලක්‍ෂ 30 -40 ක පමණ මුදලක් අය කර ගන්නා අතර වකුගඩු දායකයාට ලක්‍ෂ 3-5 ක අතර  මුදලක් දෙනු ලැබේ. තැරැව්කරුට රුපියල් 75,000 - 100000 අතර මුදලක් ලැබේ. ඉතිරි මුදල් ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු සහ රෝහල බෙදා ගනිති.  
 
වකුගඩු මාෆියාවේ රැකවරණය සහිතව ලියකියවිලි වල සඳහන් නොකරබොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු වන බව වාර්තා වේ.  
 
වකුගඩුවක් දන් දීමෙන් පසුව දායකයා ජීවිත කාලය පුරා ඖෂධ ගත යුතු අතර විශේෂ ආහාර පානද ලබා ගත යුතුය. එහෙත් වකුගඩු මාෆියාව විසින් මේ පිලිබඳව භික්‍ෂූන්ව දැණුවත් නොකරන අතර මේ නිසා වකුගඩු දන් දුන් භික්‍ෂූන් ගේ ජීවිත අණතුරට පත්වී තිබේ.  
 
වකුගඩු මාෆියාවට රැවටී තම වකුගඩුව දන් දී තලල්ලේ උපාලි නම් භික්‍ෂුව අකාලේ අපවත් වූ බව වාර්තා වෙයි.
 
වකුගඩු මාෆියාවට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතු බවට මීට ඉහතදී මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් විසින් අවධාරණය කලද වකුගඩු මාෆියාවේ මාසික ගෙවීම් වලට යටවූ බලධාරීන් ඒ පිලිබඳව නිසි ක්‍රියා මාර්ගයක් ගත්තේද නැත. 
 
බෞද්ධ භික්‍ෂූන්ව ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන යන මෙම වකුගඩු මාෆියාව පිලිබඳව ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරු සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් දැණුවත් කිරීමට වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් විසින් පියවර ගෙන ඇත. 
 
තවද මේ පිලිබඳව සමස්ත ලංකා වකුගඩු රොගින්ගේ සංගමයේ  වකුගඩු පිලිබඳ විශේෂඥ වෛද්‍ය  සංජය හෙයියන්තුඩුවට ලිපියක් මගින් දැණුම් දීමට වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් අදහස් කරති.
 
(නිලක්‍ෂි පෙරේරා )
 
මෙම ජාවාරම පිලිබඳව පළවී තිබෙන ලිපි කිහිපයක්  
 
 
 
 
 
 
 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්