ඉන්දියාවේ අදානි සමාගමෙන් වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින්නේදැයි
සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. එහි ජාතික සංවිධායක කරුණාතිලක හේරත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම සැකය මතුකළේය.
  

වරාය නැගෙනහිර ජැටිය සුරැකීම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ඊයේ (30)  දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදි.
 
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්, වරාය ජාතික නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.කේ ජයසේකර, නිවාස අධිකාරි ජාතික නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් තුෂාර මෙන්ඩිස් , ඉංජිනේරු සංස්ථා ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති සමීර සුදර්ශන, එහි ප්‍රධාන ලේකම් නාලක ද සිල්වා සහභාගි විය.
 
ඉන්දියාවේ අදානි සමාගමෙන් මාසිකව වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින බවට ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් සැක මතුකළේ, ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇතැමුන් ද ඉන්දීය සමාගමේ මුදලට නැටවෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පලවෙමින් තිබෙන පසුබිමකය.
 
කෙසේවුවද නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දීය සමාගමක් සම්බන්ධකර ගැනීමේ උත්සාහය පරාජය කිරීමේ මෙහෙයුම පිටුපස චීන යුආන් වැඩකළ ආකාරය ද මේවනවිට අනාවරණය වෙමින් තිබේ. 
 

 


 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්