ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවය
අවධාරණය කරමින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු වෘත්තීය සංගම් ඇතුළු පාර්ශවයන් විසින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා පදනම් කර ගනිමින් රජය වෙත ඉදිරිපත් කළ වාර්තාව මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත කරන බවට තමා තුළ දැඩි විශ්වාසයක් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පවසයි.
 
ඔහු එබව සඳහන් කර සිටියේ, වරාය සභාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.
 
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය යෝජනා අවශ්‍ය බව මිට ඉහතදී ප්‍රකාශකර තිබු  සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී මෙසේ සඳහන් කළේය.
 
''අපගේ සියලු බලාපොරොත්තු ඉටු කරමින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අවකාශය හිමිවනු ඇත. එය සමස්ත වරාය අධිකාරියේ ම අපේක්‍ෂාවයි. 
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරිත්වය, සියලු සේවක මහත්ම මහත්මීන් හා සියලු වෘත්තීය සමිති මේ සඳහා එක්සත්ව කටයුතු කරමින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගැනීමට නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ බවත් මම ප්‍රකාශ කරමි.
 
නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට හෝ වෙනත් සමාගමක් වෙත ලබාදීමක් පිළිබඳ නොව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන ආ ආකාරයට ම ඉදිරියටත් පවත්වාගෙන යාමට, මෙම ගැටළුව සුබවාදීව විසදෙන බවට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසින් මා තුළ දැඩි විශ්වාසයක් පවතී. 
 
එසේම ඉදිරියටත් එලෙසම නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අපේක්‍ෂිතය.''
 
 
අත්‍යාවශ්‍ය සේවයක් කළත්, තවමත් අකුරට වැඩ
 
වරාය සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළද වරාය සේවකයින් තවදුරටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතව සිටිති.  වරාය සේවකයින් පවසන්නේ කුමන බලපෑම් එල්ල වුවද තම සටන අඛණ්ඩව සිදු කරන බවයි. 
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය සභාපති විශ්‍රාමික ජනරාල්වරයා මෙසේ සඳහන් සඳහන් කළේය.
 
නිසි ක්‍රමවේද ඔස්සේ නිසි ආකාරයෙන් කටයුතු කිරීම අකුරට වැඩ කිරීමක් ලෙසින් මම අර්ථකතනය කරමි. එබැවින් සියලු සේවක මහත්ම මහත්මීන්ගේ ප්‍රශස්ත දායකත්වය අපේක්‍ෂා කරමි. 
 
වෘත්තීය සමිති පාර්ශවයන් වෙත යම් ගැටළුකාරී තත්වයක් පවතීනම් එය විසදා ගැනීමට කටයුතුකිරීමට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස නිරන්තරයෙන් සහයෝගය දක්වන්නෙමි. 
 
යම්කිසි පාර්ශවයක් විසින් වරාය ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට කටයුතු කරන්නේ නම් එය වරායට පමණක් නොව සමස්ත රටටම බලපාන්න වූ තීරණාත්මක සාධකක් වනු ඇත. 
 
එබැවින් වගකිවයුතු වෘත්තීය සමිතීන් ලෙසින් ඔවුන් විසින් සිය කාර්ය භාරය ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරමි.'' යයි වරාය සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
de7c8cba 93be 405d 838a 2b3be0ccc4fd
අන්තර්ජාලයේ සංසරණය වන පොස්ටුවක්.
 
"නැගෙනහිර පර්යන්තයේ අයිතිය කාටද?" යන කාරණය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශකර තිබුනේ මෙසේය.
 

 
 
වරාය සේවකයින් හා අග්‍රමාත්‍යවරයා අතර  සාකච්ඡාවක්
 
නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් හා අගමැති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.
 
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ සඳහන් කළේ, විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
 
මේ අතර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අතර එහි වාර්තාව විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට භාරදීමට සැලසුම් කර තිබේ.
 
එම කමිටුවේ සභාපති, වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් ප්‍රකාශ කළේ, ඒ අනුව කමිටු නිර්දේශ සහ කැබිනට් පත්‍රිකාවක් අද විෂයය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවයි.
 
ඊයේ තංගල්ලේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ පවසා සිටියේ කොළඹ වරායේ නැගෙහිර ජැටිය විකිණීමක් හෝ බදු දීමක් නොකරන බවයි.

 

 


 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්