අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව පවසයි.

මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

 

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත.

 

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, මියන්මාරයේ සිදුවී ඇත්තේ "ප්‍රජාතන්ත්‍රවාදය ට සිදුකළ පහරදීමක්" බවය. 

 

පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති අතර මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ක්‍රියා කරන බවයි.

 

මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිරතා පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ අතර හමුදාව චෝදනා කරන්නේ, පැවති මැතිවරණය වංචනික බවයි.

 

කෙසේ වෙතත්, අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ, මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී ය.

 

අඩ සියවසකට අධික කාලයක් පැවති හමුදා පාලනය අවසන් වීමෙන් අනතුරුව එරට පැවති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය හැඳින්වේ.

 

2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයකි.


 13104536 16x9 xlarge

 

මියන්මාරයේ සිදු වු හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂය හෙළා දකි 

 

අද උදෑසන මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂය   හෙළා දකී.   

 

 2011 දී මියන්මාරයේ  හි ආරම්භ වු ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රතිසංස්කරණ  හි ප්‍රතිඵලය 2015 දී ඔවුන්ගේ පළමු පශ්චාත් මිලිටරි මැතිවරණය පැවැත්වීමයි. 2020 නොවැම්බරයේ මහ මැතිවරණය මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ දෙවන අදියර විය. හමුදාවේ මෙම ක්‍රියාමාර්ග රටේ ප්‍රගතියට තර්ජනයක් වී තිබේ. 

පසුගිය වසරේ මියන්මාරයේ පැවති මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) සඳහා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණි. 

මියන්මාරයේ තේරී පත් වූ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් බලයට පත්වීම රටේ ප්‍රජාතන්ත්‍රීයකරණයේ තවත් ඉදිරි පියවරක් වනු ඇත. 

NLDහි තේරී පත් වූ නියොජිතයන් අත්අඩංගුවට ගැනීමට ගත් තීරණය වහාම ආපසු හරවන ලෙස අප මියන්මාරයේ හමුදාවෙන් ඉල්ලා සිටිමු.

 

 එමෙන්ම පාර්ලිමේන්තුවට රැස්වීමට අවසර දිය යුතු අතර, ජනාධිපති, අගමැති සහ මියන්මාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැවත රාජකාරි භාර ගැනීමට ඉඩ දිය යුතුය.

 

 මධ්‍යම මාධ්‍ය ඒකකය එක්සත් ජාතික පක්ෂය 01.02.2021

මෙය අපටද වැදගත්ය - Kusal Perera 

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවීන දේශපාලන විශේලේෂක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත. 

 

අද එළිවන විට, මියන්මාරයේ හමුදා නායකත්වය, වැඩට බැස තිබුණි. 

 

හමුදාව විසින් රොයිංගියා මුස්ලිම් ඝාතන සිදු කරද්දී බෞද්ධ ඡන්ද වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට ඉදිරිපත්වූ අවුන් සාන් සුචි ඇතුළු ඇයගෙ ආණ්ඩුවේ නායකයින් ගණනාවක් පාන්දර 03 වනවිට හමුදාව අත්අඩංගුවට ගෙන, නැවත බලය ලබාගෙන ඇත.

 

ඒ සම්බන්ධව ඇමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් පාලනය, දැඩි කණසල්ල පල කරමින් අත්අඩංගුවට ගත් නායකයින් වහා නිදහස් කරන මෙන් ප්‍රකාශයක් නොපමාව නිකුත් කර ඇත.

 

මෙය අපටද වැදගත්ය. 

 

එනිසා අපි බලමුද මේවා මේ කියන හදිස්සියටම කෙරෙයිද කියා.........

 

US: 'Military must reverse these actions immediately'**

 

United States Secretary of State Antony Blinken has called on Myanmar's military leaders to release civilian leader Aung San Suu Kyi and others detained in the raids.

 

Mr Blinken said the US expressed "grave concern and alarm" over reports of the detention of government officials and civil society leaders.

 

"We call on Burmese military leaders to release all government officials and civil society leaders and respect the will of the people of Burma as expressed in democratic elections on November 8," he said.

 

"The United States stands with the people of Burma in their aspirations for democracy, freedom, peace, and development.

 

"The military must reverse these actions immediately."

 

The United States expresses grave concern regarding reports the Burmese military has detained multiple civilian government and civil society leaders. The military must reverse these actions immediately.

 

— Secretary Antony Blinken (@SecBlinken) February 1, 2021

 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්