කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වූ බව, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේය.
 
 අමාත්‍යවරයා පැවසුවේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව එම තීරණයට එළඹි බවය.
 
කෙසේවුවද කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවය අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවයි.
 
නැගෙනහිර ජැටිය වෙනුවෙන් ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර 2019 මැයි අත්සන් කළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇතැයි ඉන්දීය රජය අපේක්ෂා කරයි.
 
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් දැනට පවත්නා අවබෝධය සහ කැපවීම දිගටම පවත්වාගෙන යන ලෙසද ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව මහකොමසාරිස් කාර්යාලය කියා සිටියි.
 
“නායකත්ව මට්ටමින් ශ්‍රී ලංකාව මෑත අතීතයේ දී මේ සම්බන්ධයෙන් සිය රජයේ කැපවීම කිහිප වතාවක්ම ඉන්දියාවට දැනුම් දී තිබේ. මෙම ව්‍යාපෘතිය විදේශීය ආයෝජකයින් සමග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීරණයක් ගෙන ඇත. එහි සඳහන් වන්නේ පවත්නා අවබෝධය හා කැපවීම සෑම පාර්ශ්වයක්ම අඛණ්ඩව පිළිපැදිය යුතු බව ඉන්දියාවේ අදහස” යැයි මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කෙළේය.
 
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාත්මක කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (01 වැනිදා) කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස මහකොමසාරිස් කාර්යාලය මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.
 
ඊයේ (1වැනිදා) වරාය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් හෙළි වී ඇත්තේ, සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට එකඟ වූ විදේශීය සමාගම මේ සම්බන්ධයෙන් ලබා දී ඇති නියමයන් හා කොන්දේසි පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
 

එදා JR කළ නරකම දේ මෙදා GR කරයි ද?

 

තිස්සගේ දූගේ පත්වීම විදේශ ඇමති මාරපනගේ වැඩක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්