සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහලේකම් ලෙස මනෝ තිත්තවැල්ල
කල් පවත්නා සාමයක් උදාකර ගැනීම සඳහා වූ වෙහෙසකර ක්‍රියාවලියේ නිරත වෙමින් සිටියදී හදිසියේ රෝගාතුරවී පසුගිය  වසරේ පෙබරවාරි මස තුන් වන දා දැයෙන් සමුගත් අතර එතුමාගේ අභාවයෙන් පළමු වර්ෂ පූර්ණය අදට යෙදී ඇත. 
 
මනෝ තිත්තවැල්ල පසුගිය රජය සමයේ මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ උපදේශක මෙන්ම සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මහලේකම් ලෙසත්, මේ රටේ ඉතිහාසයේ අසීරුම අභියෝග දෙකක් වෙනුවෙන් ඉතා වෙහෙසකර සටනක යෙදී සිටියා.
 
එදා රට හමුවේ පැවති ප්‍රධාන අභියෝගය වූයේ ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය රැකගනිමින් අවතීර්ණ වී සිටී සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි සකස් කර ගැනීම සඳහා එතුමා කටයුතු කළේය. 
 
එහි ප්‍රතිඵලයක් ලෙස කාලයක සිට පැවති අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය සඳහා විසඳුම් සෙවීම පිණිස අතුරුදහන් වූවන් සඳහා වූ කාර්යාලය බිහිකිරීමට එතුමා කටයුතු කළේ රාජ්‍ය අංශයේ මෙන්ම,  දේශපාලන තලයේ  සියලු දෙනාගේ සහයෝගය ලබා ගනිමින්. 
 
එලෙසම යුද්ධයෙන් වින්දිතභාවයට පත්වූ මෙන්ම දකුණේ පැවති කැරලි කෝලාහල ප්‍රතිඵලයක් ලෙස රැකියාව, අධ්‍යාපනය සහ තම හිතෛෂීන්ගේ ජීවිත අහිමි වූවන් යළි නගා සිටුවීම සඳහා හානිපූර්ණ ක්‍රියාවලිය මෙරටට හඳුන්වා දීම සඳහා හානිපූර්ණය සඳහා වූ කාර්යාලය ආරම්භ කිරීමට සුවිශේෂී අභියෝග රාශියක් ජයගනිමින් කටයුතු කිරීමට එතුමාට හැකි වුණා. 
 
අද වන විට වර්තමාන රජයට ද ජාත්‍යන්තරය හමුවේ පවතින අභියෝග වලට මුහුණ දීම සඳහා මෙම ඇති කරන ලද යාන්ත්‍රණ දෙක මහත් අස්වැසිල්ලක් වී ඇති බව නොරහසකි. 
 
මනෝ තිත්තවැල්ල පසුගිය කාලයේ උතුරු පළාතේ සංවර්ධනය සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ලදී. 
 
වසර ගණනාවක් තිස්සේ අකර්මණ්‍ය වෙමින් පැවති තල් ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීමටත්, මයිලඩි ධීවර වරාය සියලු පහසුකම් වලින් යුක්ත වරායක් බවට පත් කිරීම සඳහා එවකට මුදල් ඇමති ලෙස කටයුතු කළ මංගල සමරවීරගේ  සහය ලබාගෙන කටයුතු කළේය. 
 
ඉන් නොනැවතුණු ඔහු ආචාර්ය අහිලන් කදිරගාමර් (යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) ගේ සහය ලබා ගනිමින් උතුරු පළාතේ සමුපකාර සංවර්ධනය සඳහා නිෂ්පාදන ව්‍යාපාර 50ක් ඇති කිරීමට කටයුතු කළේය. 
 
එපමණක් නොව උතුරු පළාත් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඒ සඳහා නිසි පිළිගැනීම ලබා දීමට කටයුතු කළේය.  
 
එතුමාට දක්වන ගෞරවයක් ලෙස වර්තමාන රජය විසින් කළ යුත්තේ ඔහු විසින් හඳුන්වාදුන් සමබර ප්‍රතිපත්ති හා ව්‍යාපෘති ඉදිරියට පත්වාගෙන යෑම යි. ඒ සියලු ව්‍යාපෘති වල ප්‍රතිලාභීන්ගේ පිනෙන් මනෝ තිත්තවැල්ල නිවන් දකිනු ඇත. 
 
(සංජීව විමලගුණරත්න) 
හිටපු අධ්‍යක්ෂ 
සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්‍යාලය.

 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය  
 

 
 
 
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image