ජයන්තා රුක්මණී සිරිවර්ධනගේ  දිවිවිසැරිය නිමා වේ.
සිනමා, රූපවාහිනී හා නිර්මාණ හා සාහිත්‍ය මණ්ඩල ජූරි සභිකාවක් ලෙස, කිවිඳියක් කෙටිකතාකාරියක්  විචාරිකාවක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ තම දායකත්වය ප්‍රදානය කළ ජයන්තා රුක්මණී සිරිවර්ධන අද පෙරවරුවේ දිවියෙන් සමුගත්තාය. 
 
පසුගිය කාලයේ රෝගාතුරව සිටි ඈ මිය යන විට හැත්තෑ එක් වන වියේ පසුවූවාය.
 
කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නා ජයන්තා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ  පශ්චාද් උපාධිධාරිණියක් ද වේ. 
 
ලේඛිකාවක් ලෙස ඈ විසින් නවකතා දෙකක්, කෙටිකතා සංග්‍රහ දෙකක්  හා පද්‍ය සංග්‍රහ පහක් පළ කොට ඇත්තීය.
 
1978 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට  ඇතුළත් වූ ජයන්තා රුක්මණී රාජ්‍ය සේවයෙ විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ රැසක සේවය කළාය.
 
අවසාන වරට වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස විශ්‍රාම ගත්ත්තාය. 
 
ජයන්තා ඇසුරු කළ සැමගේ සිත දිනාගත් නිහතමානී චරිතයකි .   
 
ඇගේ දේහය දැනට තලවතුගොඩ, ශාන්තිපුර පළමුවන පටුමග 262/ග්5 නිවසෙහි තැන්පත් කොට ඇත.අවසාන කටයුතු  සිකුරාදා පෙරවරු 11.30 බොරැල්ලේ කනත්තේදී සිදු කිරීමට නියමිතය.
 
 
 
#############

The Leader TV  

 
 
 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය  
 

 
 
 
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්