කොරෝනාවෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමුවන වෛද්‍යවරයාගේ මරණය කරාපිටිය රෝහලෙන් වාර්තාවීමත් සමඟම මෙරට සෞඛ්‍ය සේවයේ බරපතල දුර්වලතාවයන් කිහිපයක් ද අනාවරණය වෙමින් තිබේ.
 
 
මෙම මරණයත් සමග ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි ගැටළු මතුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ බීබීසී සිංහල සේවයට පවසා තිබිණ.
 
කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මියගියේ රාගම හීන්කන්ද පදිංචිව සිටි ගයාන් දන්තනාරායන නමැති 31 හැවිරිදි වෛද්‍යවරයාය.
 
ඔහු රාගම රෝහලේ සේවය කරමින් සිටියදී කෝවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරිමෙන් පසු නිව්මෝනියා වැළඳිම නිසා කෘතිම ශ්වසන යන්ත්‍රයකට සවි කොට ප්‍රතිකාර ලබාදිම සඳහා ඉකුත් 27 වෙනි දින කරාපිටිය රෝහලට මාරුකර එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණ.
 
 
 

 116778592 93365665 fc3e 4eee 9148 69161fcac391       වෛද්‍ය ගයාන් දන්තනාරායන ගේ දේහය ආදාහනය කරා රැගෙන ගිය අවස්ථාව (සේයා-BBC)

 
 
පෙරේදා ගාල්ල කරාපිටිය රෝහලේදී එම වෛද්‍යවරයාගේ මිය යාම පිළිබද යම් කිසි සැක සංකා පහල වී ඇතැයි සෞඛ්‍ය සේවයේ වෛද්‍ය විශේෂඥයකු පැවසිය.
 
ඔහු සඳහන් කර පරිදි, වෛද්‍යවරයා කරාපිටිය රෝහල වෙත යවා ඇත්තේ එහි ICU එකේ ඇති ECMO (Extracorporeal membrane oxygenation ) නමැති විශේෂ යන්ත්‍රයට සවිකිරීම සදහාය. 
 
එක්ස්ට්‍රාකොප්රියල් පටල ඔක්සිජන්කරණය (Extracorporeal Membrane Oxygenation) හෝ ECMO යනු පුද්ගලයෙකුගේ රුධිරයට ඔක්සිජන් එකතු කරන ක්‍රමවේදයක් වන අතර එය හදවත මෙන් ශරීරය හරහා පොම්ප කරයි. මෙම රුධිර ආධාරක යන්ත්‍රයේ ක්‍රියාවලිය ශරීරයෙන් පිටත සිදුවේ.
 
ECMO ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයින් හට සාමාන්‍යයෙන් අසාධ්‍ය රෝග වලින් පෙලෙන නිසා ඔවුන්ගේ හදවත් හෝ පෙනහළු නිසි ලෙස ක්‍රියා කිරීම වළක් වනු ලැබේ.
 
උදාහරණයක් වශයෙන් දරුණු හෘදයාබාධයකින් පසු ඇති වන තර්ජනාත්මක තත්ත්වයන් සමනය කිරීමට ECMO භාවිතා කරයි.
 
මෙවැනි ECMO තාක්ෂණික උපකරණ ලංකාවේ ඇත්තේ එවැනි යන්ත්‍ර දෙක තුනක් පමණි.
 
 
සාමන්‍යයෙන් ICU එක භාරව වෙනත් රට වල එයට පුහුණුවූ ICU විශේෂඥයන් ඇතත් ලංකාවේ තවමත් ICU විශේෂඥයන් බිහි වී නැත. ලංකාවේ තවමත් ICU විශේෂඥයන්ගේ කාර්ය භාරය කරනුයේ සාමාන්‍යයෙන් ඒ සදහා පුහුණුවූ  නිර්වින්දන වෛද්‍යවරුන් විසින්ය.  
 
නමුත් මේ තත්වයද කරාපිටිය රෝහලේ තිබී නැත. කරාපිටිය රෝහලේ ICU එක භාර දී ඇත්තේ එහි cardiothoracic surgeon කෙනෙකු වෙතය.  
 
අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා පැවසුයේ, ICU එකට ඇතුල් කරන ලද රෝගියෙකු මෙවැනි වෛද්‍යවරයෙකු යටතේ සිටීම ගුවන් යානයක් සාදන ඉංජිනේරුවෙකු එහි ගුවන් නියමුකුගේ ක්‍රියාව කරන්නාක් මෙන් බවයි.
 
කරාපිටිය රෝහලේ ICU එක භාරව සිටින මෙම වෛද්‍යවරයාගේ කණ්ඩායම සහ එහි අනෙක් වෛද්‍යවරයා වන හෘද රෝග විශේෂඥවරයාගේ කණ්ඩායම අතර නිසි අවබෝධයක් නොතිබීමද මෙම අවසනාවන්ත තත්වයට මූලික වී ඇතැයි පැවසේ.  
 
මෙයට අමතරව මෙම ECMO යන්ත්‍ර ක්‍රියාකාරීත්වය පිළිබද නිපුණතාවක් ඇති සහ ඒ සදහා පුහුණු වූ විදෙස් රටක පදිංචි  ශ්‍රී ලාංකික ICU විශේෂඥ වෛද්‍යවරියක් විසින් ඇයගේ සේවය මේ අවස්ථාවේදී මෙම වෛද්‍යවරයා හට පිරිනැමීමට කරන ලද යෝජනාවක්ද රෝහලේ ඉහළ නිලධාරියෙක් විසින් කරුණාවෙන් ප්‍රතිෂේප කරන ලද බවත්ද වාර්තාවේ.
 
 
#############

The Leader TV  

 
 
 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය  
 

 
 
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image