අපේ මුතුන් මිත්තන් ඖෂධයක් ලෙස භාවිතා කළ කංසා අප රට තුළ තහනම් කළේ සුද්දට දුම්කොළ සමාගම් ගෙන ඒමට බවත්, අවුරුදු 73ක් ගියත් තවමත් එම තත්ත්වය වෙනස් කරගැනීමට අපට නොහැකි වී ඇති බවත්
 
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.
 
උන්වහන්සේ එබව අවධාරණය කර සිටින්නේ,  jay experience යූටියුබ් චැනලය වෙනුවෙන් බුද්වින් ජයවර්ධන විසින් 73 වන නිදහස් දිනය අලලා සිදුකළ මත විමසීමේදී ඊට ප්‍රතිචාර දක්වමිනි.
 
රා යනු ද ඖෂධයක් බවත් ඕනෑම ඖෂධයක් වුවත් පමණට වඩා ගත්තොත් අහිතකර බවත් සිහිපත් කරන  උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රට පුරා තැබෑරුම් තිබුණත් කිතුල් රා මදින්නාට නඩු වැටෙන බවය.
 
එම කාරනා දෙක පමණක් සැලකිල්ලට ගත් කළ වුවද, අප නිදහස් ජාතියක්ද යන ප්‍රශ්නයක් පැනනගින බව පවසන උන්වහන්සේ, අවුරුදු 73ක් අපි සමරපු නිදහස මොකද්ද? යයි වැඩිදුරටත් විමසා සිටිති.
 
මෙම වැඩසටහන තුල හරින් ප්‍රනාන්දු, අමාත්‍ය අලි සබ්රි, රවී කරුණානායක, එස්.එම්. මරික්කාර් සහ ආචාර්ය සුරේන් රාගවන් ද අපගේ නිදහස සම්බන්ධයෙන් අදහස් දක්වති.

 

 

 
#############################
 

The Leader TV  

 වෛද්‍ය ගයාන් නිදහස්, සියුමැලි තැනක සැතපුනාවේ 
 
 
 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්