තමා සිංහල බෞද්ධ නායකයෙක් බවත් එය ප්‍රකාශ කරන්නට තමා කිසිවිටෙකත් මැලි වන්නේ නැති බවත්
ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින් අද (04) ජාතිය අමතමිනි.
 
"මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගෞරවය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුළ සෑම ආගමිකයෙකුටම සහ සෑම ජාතිකයෙකුටම රටේ පවතින නීති රාමුව තුළ එක හා සමාන නිදහස භුක්ති විඳීමේ අයිතිය තියෙනවා. මම රටේ ජනතාවගෙන් සෑම විටම ඉල්ලා සිටින්නේ විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියලා,"  යනුවෙන් ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවද ජනාධිපතිවරයා පැවසීය. 
 
එම මහා අපරාධය සැලසුම්කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
"රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. 
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා."යයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
පුද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමේ පටු චේතනාවෙන් තමාට සහය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිත කර තීන්දු ගැනීමට කිසි විටෙකත් සූදානම් නැතැයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
 

 
 
 
ඔබ සෙවූ ගැලවුම්කරුවා ?
 
SUnanda Deshapriyaමේ අතර ජනාධිපතිවරයා 'ඔබ සෙවූ නායකයා මමයි! ' යනුවෙන් සිය ට්විටර් පනිවිඩයක පළකර ඇති සටහන 
සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රවීන දේශපාලන විශේලේෂකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මෙසේ පවසයි.
 
''ඔබ සෙවූ නායකයා මමයි! ජනාධිපති විසින්ම සිය ට්විටර් පනිවිඩයක ඉංග්‍රිසියෙන් ලියා පළ කර ඇත්තේ එසේය.
 
මෙය හරියට ඔබ සෙවූ ගැලවුම්කරුවා මා තමයි කියනවා වගේ දෙයක්. ඒවැනි ගැලවුම්කරුවන් ට අනුගාමිකයින් සහ රැස්වළල්ලක්. ඔවුන්ට ප්‍රාතිහාර්ය පාන්න පුලුවන්. ඔවුන් කවරදාකවත් ආපහු යන්නේ නැහැ. ශරීරයෙන් ආපසු ගියත් මනසේ නැත්නම් මතවාදීව ආපහු යන්නේ නෑ.
 
ගෝටා තමා ගැන හිතාගෙන ඉන්නේ එහෙම බව නිදහස් දින පණිවිඩය වශයෙන් කියන්නට තීරණය කිරීම සංකේතාත්මක අර්තයෙන් හරිම වැදගත්. 
 
ඔහු කියන්නේ තමා හැර අන් කිසිවකුට මෙරට ජනයා ගලවාගන්න බැරි බවයි.
 
මේ ප්‍රකාශය ඉතා දුර දිග යන ඒකක්. තමාට සදා බලයේ සිටිය හැති ක්‍රමයක් ගැලවුම්කරුට අවශ්‍ය වෙනවා. 
 
ඒ වගෙම තමයි ගැලවුම්කාරයෙක් කියාගත්ත හැම කෙනෛක්ම දෙබිඩ්ඩෙක් බව අන්තිමේ දී හෙලිදරව් වෙලා තියෙනවා.
 
හොදකට තියෙන්නේ තමාට චරිත දෙකක් තියෙන බව ගෝටම පිලිගැනීමයි. එතකොට ඒ චරිත දෙකෙන් කෝකද ගැලවුම්කරුවා නැත්නම් මෙසයියා වෙන්නේ. අපට වැදගත් ඒකයි!''

 

 


 

The Leader TV  

 

නිදහසට 73යි - ලංකාවට මියෙන්මාරයෙන් පාඩමක්

 

රෝයල් ප්‍රින්සිපල් එලවන්න ආනන්ද හිමියන්ට ගතු කියපු පොහොට්ටු ලේකම්ට වෙච්ච දේ!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්