මාස තුනක කාලයක් සඳහා ස්ථාවර මිලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෞද්ගලික ආයතන සමග ඇතිකර ගත්

 
ගිවිසුම් තුලින් 'ලක් සතොස' ආයතනයට බරපතල අවාසියක් සිදුවනු ඇති බවටත්, එය ආයතනයේ කඩා වැටීමට බලපානු ඇති බවටත් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සැක මතු කරති.
 
සහල්, අල, ළුණු, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 27ක් ඉදිරි මාස තුනේදී නියමිත මිළ ගණන් වලට වඩා අඩු ස්ථාවර මිලකට පාරිභෝගිකයින්ට සැපයීම සඳහා වෙළඳ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන්, ලක් සතොස ඇතුළු රජයේ ආයතන තුනක් දේශීය නිෂ්පාදකයින් හා සෘජු ආනයනකරුවන් සමග පෙබරවාරි 03දා ගිවිසුම් ගතවිය. 
 
ඒ සඳහා වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් ඉදිරිපත්කර තිබු කැබිනට් පත්‍රීකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබිණ.
 
වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවය. 
 
 
 තවත් ගරානාවකට ඉඩ සලසාදීමක් ?
 
 
එසේ භාණ්ඩ මිලදී ගැනීමට ගිවිසුම්ගත වීම කැබිනට් මණ්ඩලය මුළුමනින්ම නොමග යැවූ ක්‍රියාවක් මෙන්ම, තවත් ගජමිතුරු ව්‍යාපාරිකයන් පිරිසකට ගරානාවකට ඉඩ සලසාදීමක් බවට newstube.lk චෝදනා කරයි.  
 
''භාණ්ඩ 27ක මිල පෙන්නා බන්දුල ගැහුවේ ගේමක්'' යන ශීර්ෂයෙන් යුතුව එම පුවත් වෙබ් අඩවියේ පලවී ඇති වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ, සීනි බදු වංචාව හමුවේ සතොසට පාඩුවූ බව ප්‍රසිද්ධියේ චෝදනා කරමින් 'ලක් සතොස' හිටපු සභාපතිට ඉල්ලා අස්වීමට වැඩ සැලසු වෙළඳ අමාත්‍යවරයා, ඊට නොදෙවෙනි ලෙස මෙම ගිවිසුම් හරහා ලක් සතොසට පාඩු කිරීමට නියමිත බවයි.
 
 
  
 
නිතර වෙළෙඳපොළ මිල උච්චාවචනයන් සිදුවන ආහාර හා භාන්ඩ අලෙවි කරන සතොස වැනි වානිජ්‍ය ආයතනයකට මෙවැනි ආකාරයේ කොන්දේසි මත ගිවිසුම්ගතවීමක් කිසිසේත් ම නොගැලපෙන්නක් බව එම ආයතනයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසති.
 
ඒ අනුව ඉදිරියේදී යම් භාණ්ඩයක වෙළඳපොල තොග මිල කොතරම් පහළට වැටුණත් ගිවිසුම් අනූව එකඟවී ඇති ඉහල  මිල මත භාණ්ඩ මිලදී ගැනීමට 'ලක් සතොස'ට සිදුවෙයි.
 
 
 
 
එසේම මාස 3ක කාලයක් සඳහා මේ ස්ථාවර මිල ගිවිසුම ඇතිකර ගන්නට අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල අනුමැතිය ගත්බැව් පවසන නමුත්, අමාත්‍යවරයාගේ අදහස අනූව මිලදී ගැනීම සඳහා වන ගිවිසුම දීර්ඝ කිරීමටද මුක්තිය ලබාගෙන තිබේ.
 
ඒ අනුව මේ තෝරාගත් භාණ්ඩ මිල කිසිම අවස්ථාවක වෙළෙඳපොළ තත්ත්වය යටතේ පවා අඩු කිරීමට අවස්ථාවක් හිමි නොවනු ඇත.
 
මෙමගින් තෝරාගත් ව්‍යාපාරික පිරිසට වෙළෙඳපොළ මිල නොතකා කටයුතු කිරීමට අවස්ථාව සලසාදීමක් සිදුකර තිබේ.
 
තවද සාමාන්‍යයෙන් සතොස ආයතනය තොග වෙළෙන්දන් වෙතින් කිසියම් භාණ්ඩ තොග මිලදී ගැනීම සිදුකරන්නේ සති 2-3ක කාලයක් තුළ ගෙවීමට හැකි ආකාරයට චෙක්පත් ලබාදීම හරහා ය. එහෙත් තෝරාගත් ව්‍යාපාරික පිරිසක් සමග ඇතිකර ගත් මෙම ගිවිසුම් අනුව භාණ්ඩ මිළදී ගන්නේ අත්පිට මුදලටය.
 
 
 
තවද මේ ගිවිසුම සඳහා පවතින තොග මිල ලෙස අමාත්‍යවරයා දක්වා ඇති මිල ගණන් නිවැරැදි නොවන බවත් දැනගන්නට ඇත.
වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට පවතින තොග මිල සහ අමාත්‍යවරයා දක්වා ඇති මිල ගණන් අතර සැලකිය යුතු වෙනසක් පවතී.
 
 
 
බන්දුලගේ මිල සහ අද මිල අතර වෙනස මෙන්න !
 
 
#  අද දිනය වන විට  රතු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 84.00 කි.
     නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 91.00 කි.
 
#  අද දිනය වන විට  බී ලූනු  කිලෝවක තොග මිල රුපියල් 66.65 කි.
    නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල බී ලූනු  කිලෝවක් සඳහා රුපියල් 100.00 කි.
 
# අද දිනය වන විට කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 108.00 කි.
   නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල කීරි සම්බා  කිලෝවක් සඳහා රුපියල් 122.00 කි.
 
      #  අද දිනය වන විට ආනයනික ඕස්ට්‍රේලියානු රතු පරිප්පු  කිලෝවක තොග මිල රුපියල් 151.40 කි.
   නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල ආනයනික ඕස්ට්‍රේලියානු පරිප්පු  කිලෝවක් සඳහා     රුපියල් 160.00 කි.
 
# අද දිනය වන විට කඩල කිලෝවක තොග මිල රුපියල් 135.00 කි.
   නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල කඩල කිලෝවක් සඳහා රුපියල් 150.00 කි.
 
# අද දිනය වන විට දේශීය ටින් මාලු (425 g ) තොග මිල රුපියල් 198.00 කි.
   නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල රුපියල් 210.00 කි.
 
# අද දිනය වන විට ආනයනික ටින් මාලු  (425 g ) තොග මිල රුපියල් 250.00 කි.
   නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල ආනයනික ටින් මාලු (425 g ) සඳහා රුපියල් 255.00 කි.
 
# අද දිනය වන විට හාල්මැස්සෝ (තායි) කිලෝවක තොග මිල රුපියල් 443.87 කි.
   නමුත් අමාත්‍යවරයා මිලදී ගැනීම වෙනුවෙන් ගණනය කර ඇති මිල හාල්මැස්සෝ  කිලෝවක් සඳහා රුපියල් 475.00 කි.
 
සතොස පරමාර්ථය මේකද ?
 
 
ඒ අනුව වෙළෙඳපොළ විශ්ලේෂකයන් ප්‍රශ්න කර සිටින්නේ පාරිභෝගිකයන් වෙත සහන සැලසීමට නම් එය සමස්ථ වෙළෙඳපොළ තුළ මිල අඩු කිරීමට තරග කරනවා වෙනුවට තෝරාගත් ව්‍යාපාරික නඩයක් සඳහා ස්ථාවර මිලකට භාණ්ඩ මිලදී ගැනීම හැර වෙනත් කිසිම විකල්පයක් අමාත්‍යවරයාට නැද්ද යන්නය.
 
තවද ආනයනික සීනි සඳහා මේ වන විට පාරිභෝගික අධිකාරිය විසින් කිලෝවක් සඳහා රුපියල් 85.00 ක ස්ථාවර මිලක් නියම කර ඇත. තවමත් ඊට අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කර නොමැති නිසා සිදුවිය යුතුව ඇත්තේ සුදු සීනි කිලෝවක් රුපියල් 85.00 ට පාරිභෝගිකයන් වෙත නිකුත්කරලීමට සතොස හෝ ක්‍රියාත්මක වීමය. 
 
  
නමුත් මේ නව මිල තුළ ආනයනික සීනි මිල රුපියල් 85.00 ට නොමැති අතර ඒ හරහා පසුගිය සමයේ මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිදුකළ සීනි බදු සංශෝධනය හරහා හිතමිත්‍ර ව්‍යාපාරික සමාගමකට සීනි ඒකාධිකාරය හරහා අයුතු ලාභ ලැබීමට අවස්ථාව දුන් බවට වන චෝදනාවත් ඔප්පු වෙන තත්ත්වයක් මතුව ඇත.
 
 
ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ පැමිණිල්ලේ සඳහන් වුණේ සීනි බදු සංශෝධනය යටතේ රාජ්‍ය ආදායමට රුපියල් කෝටි 1000කට අධික පාඩුවක් සිදුවූ බවය.
 
ඒ අනූව පාරිභෝගික මිල සහනය සීනි බදු සංශෝධනය යටතේ හිමි නොවූ බව සහ පාරිභෝගික අධිකාරියේ ගැසට් පත්‍රය නොතකා ගජමිතුරු ව්‍යාපාරික වළල්ල අයුතු ලාභ උපයන බව තහවුරු කර ඇති බවත් වෙළෙඳපොළ විශ්ලේෂකයන් දක්වයි.
 
 
බන්දුලගේ මිලට සඳුදා සිට බඩු ගන්න
 
 
 කෙසේ වුවත් මේ වන විට භාණ්ඩ 27ක් සඳහා මාස 3ක් වෙනුවෙන් වන මිල සහනයක් සඳහන් මිල දර්ශනයක් වෙළඳ අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධ කර ඇත.
 
එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. 
 
වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවය. 

 
Attachment 01 price list

 


 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්