විදේශ රටවලදී කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට
තම නිවසේදීම නිරෝධායනය වීමට අවස්ථාව සලසා දෙන ලෙස මැදපෙරදිග ශ්‍රී ලාංකික එකමුතුව රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමිනි.
 
විදේශයකදී කොවිඩ් එන්නත පූර්ණ වශයෙන් ලබාගන්නා ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේදී හෝටල් නිරෝධායනය හෝ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකර තම නිවසේදීම නිරෝධායනය වීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.
 
 මැද පෙරදිග ශ්‍රී ලාංකික එකමුතුවේ නියෝජිතයින් අදාළ ලිපියේ පිටපතක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් සිල්වා වෙත භාර දී ඇත.
 
අද වනවිට කොවිඩ් වසංගත තත්ත්වය හොඳින් පාලනය කරගැනීමට මැදපෙරදිග කලාපයේ රටවලට හැකියාව ලැබී තිබේ.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළු නේවාසිකයින්ට එරට රජයේ පූර්ණ අනුග්‍රහයෙන් කොවිඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කර ඇති අතර පී සී ආර් පරීක්ෂාව හා කොවිඩ් එන්නත ලබාගැනීම සහතික කිරීම මෘදුකාංගයක් ඔස්සේ යාවත්කාලීන කරනු ලබන බව අදාළ ලිපියේ සඳහන් වේ.
ඒ අනුව කිව් ආර් කේතයක් මගින් ලොව ඕනෑම තැනක සිට පී සී ආර් පරීක්ෂණවලට ලක්වීම හෝ කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින් පිළිබඳ සහතිකයක් ලබාගත හැකියි. 
 
4 meslc
 
මෙම තත්ත්වය යටතේ වසරක සේවා කාලයකින් පසුව තමන්ට හිමි වන දින 28 ක නිවාඩුව සඳහා මෙරටට පැමිණ සිය නිවෙස්වල ගත කිරීමට ඉඩ සලසා දෙන ලෙස මැදපෙරදිග ශ්‍රී ලාංකික එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
 
මැදපෙරදිග ඇතුළු විදෙස් හි සේවයකරමින් මෙරටට විදෙස් විනිමය එවන ශ්‍රී ලාංකිකයින් වත්මන් ආණ්ඩුව විසින් උත්කර්ෂයට නංවා ඇත්තේ 'රට විරුවන්' ලෙසිනි.
 
(nethnews)
 

1 meslc

2 meslc

3 meslc

 


 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්