ළමා අයිතින් වෙනුවෙන් දසක තුනකට ආසන්න කාලයක් දැඩි කැපවීමෙන් කටයුතු කල මානව හිමිකම් ක්‍රියාකාරීනියක වන රුවිනි වෙල්ස්ට එරෙහිව මාතලේ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන බලපෑම් හා
කෙනෙහිලි යලිත් වටයකින් ආරම්භවී ඇති බව 'ද ලීඩර්' වෙත වාර්තා වේ. 
 
සිය මවගේ අමානුෂික ලෙස පහර දීම්, පුළුස්සා දැමීම් හා අනේකවිද කෘරකම් වලට ලක්ව සිය නිවසින් එලමින් සිටි 12 හැවිරිදි  දැරියක් නිත්‍යානුකුල ලෙස පොලිසියට බාරදී එම දැරියට ආරක්ෂාව සැලසීමට ස්වෙච්ජාවෙන් ඉදිරිපත්වූ රුවිනි වෙල්ස්ට එරෙහිව පොලිසිය ක්‍රියාකරන පහත් ආකාරය පෙන්වා දෙමින්, 'ද ලීඩර්' ජනවාරි 24 දා පලකළ පුවත් විශේෂාංගයටමේවනවිට පුළුල් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින අතර සිද්ධියට අදාල තවත් තොරතුරු රැසක් මේවනවිට අනාවරණය වෙමින් තිබේ.
 
එම පුවත් විශේෂාංගය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් පැවසුයේ, අතිශයින්ම යහපත් චේතනාවෙන් සහ කැප වීමකින්, අවුරුදු 20 ටත් වැඩි කාලයක් තමන්ගේම ධනය, ශ්‍රමය හා කාලය වැය කරමින්, මහත් කැපවීමකින් සේවය කරන රුවිනි වෙල්ස්ට එරෙහිව පොලිසිය විසින් සිදුකරන කෙනෙහිලි අතිශයින්ම අමානුෂික බවයි.
 
සිය අනන්‍යතාවය හෙලිනොකරන්නැයි ඉල්ලා සිටිමින් තවදුරටත් අදහස් දැක්වූ එම කාන්තාව මෙසේද සඳහන් කළාය.
 
'' ඇත්තටම මේ ප්‍රදේශයේ සියලු දෙනාම වගේ දන්නවා රුවිනි වෙල්ස් මහත්මිය කරන සේවය. එයා වැඩ කරන්නේ විදේශ ආධාර අරගෙන නෙමෙයි. ළමා අයිතිවාසිකම් ගැන අවංක කැක්කුමක් තියන කීප දෙනෙක් එයාට අනුග්‍රහය දක්වනවා. සහයෝග දෙනවා.
 
 මේ දක්වා රුවිනි වෙල්ස් මහත්මියට එයාගේ වැඩ ගැන කිසිම කැලලක් නැහැ. කිසිම චෝදනාවක් නැහැ. එහෙම කෙනෙකුට පොලිසියෙන් මෙහෙම බලපෑම් එල්ල වෙන ගැන හරිම කනගාටුයි..''
 
ලංකාවේ පාර්ලිමේන්තු පනතින් අනූමත වීමට නියමිත "ජාත්‍යන්තර කාන්තා සහ ලමා අයිතිවාසිකම් සුරැකීමේ කවුන්සලයේ" (International women's & children's rights Council) හී සභාපති සහ දෙස් විදෙස් දරුවන්ගේ ළමා  අයිතිවාසිකම් සහ සුභ සිද්ධිය වෙනුවෙන් කතා බහ තුලින් පමනක් නොව, ප්‍රායෝගිකවම කටයුතු කරන විශිෂ්ට සමාජ ක්‍රියාකාරීනියක් වන රුවිනි වෙල්ස්, 'දේශකීර්තී මානව හිතවාදී දිරිය මාතා' සහ විකල්ප ප්‍රතිකාර වෛද්‍ය දේශකීර්තී මානව හිතවාදී දිරිය මාතා යන සම්මාන නාමයන්ගෙන් පුද ලැබූ අයකු බව එම කාන්තාව වැඩිදුරටත් පැවසුවාය.
 
 
ජාත්‍යන්තර කාන්තා හා ළමා අයිතිවාසිකම් සුරැකිමේ කවුන්සිලයේ (International Women's & Children's Rghts Council) සභාපති, රුවිනි වේල්ස්ට (Ruvini Wells) එරෙහිව මාතලේ පොලීසිය විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත්තේ, පොලිසියට අනිසි ලෙස බලපෑම් කළ බවට චෝදනා කරමිනි.
 
ශ්‍රී ලංකාවද නිල වශයෙන් අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිලිබද ප්‍රඥාප්තියට අනුව කටයුතු කර, අදාල පියවර ගැනීම තුලින් දැරියට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා කර ඇති පැමිනිලි/ඉල්ලීම් වලට අදාලව නිත්‍යානුකුලව කටයුතු කරනවා වෙනුවට, වත්තේගම සහ මාතලේ පොලිස් නිලධාරීන් සමග සමීප ඇසුරක් පවත්වන, දැරියගේ මවගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් රුවිනි වේල්ස්ට චෝදනා ගොනුකිරිම බරපතල කාරයකි.
 
අපරාධයකට ලක්වී සිටි පිලිස්සුම් තුවාල සහ තැලුම් තුවාල සමග සිටි අදාළ දැරියව වහාම අධිකරණ වෛද්‍ය නිලධාරීයෙකු වෙත ඉදිරිපත් කර නීත්‍යානුකූලව කටයුතු කරනවා වෙනුවට, පුරා රැයක් එම දැරිය මාතලේ පොලිස් ස්ථානයේ රදවා ගෙන සිට, රාජකාරිය පැහැර හැරී මාතලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක, මාතලේ කාන්තා සහ ළමා කටයුතු කොට්ඨාසයේ නිලධාරීන් සහ නිලධාරිනියන් ඔවුන් විසින් සිදුකල අකටයුතුකම් වසා ගැනීමේ අරමුණින්, දැරියගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුභ සිද්ධිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කල රුවිනි වෙල්ස් ට විරුද්ධව කුමන්ත්‍රණ කරමින් සිටින බව අප වෙත ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.
 
මව විසින් අදාල දැරියට කර ඇති දැඩි කෘරකම් සම්බන්ධයෙන් චෝදනා වලින් මුදවා ගැනීම පොලිසියේ එකම අරමුණ වී ඇතැයි ඔවුහු චෝදනා කරති.
 
මාතලේ පොලීසිය විසින් එම කුමන්ත්‍රණයේ කොටසක් ලෙස පොලීස් වාර්තා පොත්වල අලවන ලද ප්‍රකාශද ඇතුලත් කර ඔවුන්ගේ ජඩ ක්‍රියාකාරකම් වසා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙමින් සිටින බවට ඇතැමුන් චෝදනා කර ඇත. 
 
කෙසේවුවද මෙම සිද්ධිය හරහා ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සහ ළමා පරිවාස දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතා සහ අසාධාරණකම් රාශියක් අනාවරණය වෙමින් තිබේ.
 
'' ලංකාවේ අවංකවම යමක් කරන සහ කරන්න උත්සාහ කරන අයට කරන මේ අසාධාරණ හිරිහැර නිසාමයි, දැන් දැන් ගොඩක් අය ලංකාව ගැන පිලිකුලෙන් රටෙන් පිටව යන්නේ'' යයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප වෙත තොරතුරු යොමුකර ඇති අයකුගේ සටහනක දැක්වේ.
 
තවත් එවැනි සටහන් කිහිපයක මෙසේ සඳහන් වේ.
 
 
''ලමා අයිතිවාසිකම් පිලිබද ප්‍රඥාප්තිය ගැන මාතලේ පොලීසිය දැනුවත් නැද්ද. එහෙම නම් ඒ අදාල දැනුම සහ අවබෝධය ඔවුන්ට, විශේෂයෙන්ම කාන්තා සහ ළමා කාර්යාංශ වලට ලබා දිය යුතු නොවේද?''
  
''එක්සත් ජාතීන්ගේ ලමා අයිතිවාසිකම් පිලිබද ප්‍රඥාප්තියට ශ්‍රී ලංකාව අත්සන් තැබීම හරහා කර ඇත්තේ බොරුවක්ද?''
 
''ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති නීති රීති ගැන පොත් පිරෙන්න ලිව්වට වැඩක් නෑ ඒවා ක්‍රියාත්මක කරද්දී වෙන්නේ ඒ අයිතිවාසිකම් උල්ලංඝනය වීමම නම්..'' 
 
 
සබැඳි පුවත :
 

 

 


 

 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්