LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙබ් අඩවි කිහිපයකට ඊයේ (06) පෙරවරුවේ‍ අනවසර ඇතුළුවීමක් සිදු විය.
 
කෙසේ වෙතත් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැත.
 
LK ඩොමේන් හෙවත් ලංකා වසම් ලේඛකාධිකාරියේ ලේඛකාධිකාරි මහාචාර්ය ගිහාන් ඩයස් News 1st වෙත පැවසුවේ මෙය රජයේ වෙබ් අඩවි ඉලක්ක කරමින් සිදු කර ඇති බවයි.
 
රජයේ වෙබ් අඩවි ඇතුළු සෙසු වෙබ් අඩවිවල අයි.පී. ලිපින මාරු කර වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට ඉඩ හැර ඇති බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
 
LK ඩොමේන් හෙවත් ලංකා වසම් ලේඛකාධිකාරියේ ලේඛකාධිකාරි මහාචාර්ය ගිහාන් ඩයස් News 1st වෙත තවදුරටත් මෙසේද සඳහන් කළේය.
 Prof.Gihan
මහාචාර්ය ගිහාන් ඩයස් 
 
”මේක ඊයේ උදේ පාන්දර වෙලා තියෙන්නේ. ඒත් ඒ වෙලාවෙම ඒක දැනගන්න ලැබුණා. ඊට පස්සෙ අපි ඒ වෙලාවෙම පටන් ගත්තා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා බලන්න.. අපි උදේ 8:30 වගේ වෙනකොට මේ ඔක්කොම ටික සියයට සියයක්ම හදලා යථා තත්ත්වයට පත් කළා. 
 
කොහොමද මේක වුණේ කොහෙන්ද මේ ප්‍රශ්නය ඇතිවුණේ කියන එක අපි දැනට විශ්ලේෂණය කරගෙන යනවා. ටික දවසක් යනකොට මොකක්ද මේ වුණේ කියලා හරියටම දැනගෙන ඒක දැනගත්තායින් පසුව නිසි පියවර ගන්නවා..
 
මේ වගේ ප්‍රශ්න ඇත්තටම අනාගතයේදීත් එන්න පුළුවන්. අන්තර්ජාලයේ කට්ටිය ඉන්නවා ඒ ගොල්ලො බලන්නේ කාට හරි කියන ඒගොල්ලන්ගෙ වැඩ පෙන්වලා කාටහරි ප්‍රශ්නයක් ඇති කරන්න.
 
 පරිගණකයක් සෑම ෆෝන් එකක් ම මොනවා හරි අදට වඩා වෙනසක් වෙලා තියෙනවා නම් වහාම ඒකට පියවර ගන්න ඕන. අපේ ඩොමේන් එකට සම්බන්ධ අයට නම් අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැත්තං තියෙනවා සර්ට් ආයතනය. 
 
පෞද්ගලිකව මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා නං අන්තර්ජාලය හරහා හිතවතී ඩොට් එල්.කේ. කියන සේවයට ඇවිල්ලා අහන්න පුළුවන්. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඕනෑම කෙනෙක්ට අන්තර්ජාලය තුළ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා නම් ඒකට විසඳුමක් හොයල දෙන්න”
 
 
 
'ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නැහැ'
 
කෙසේවුවද, මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරල් සරත් වීරසේකර සඳහන් කළේ, මෙම සිද්ධියෙන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවයි. 
 
මීට සම්බන්ධ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසිය.
 
 
සබැඳි පුවත් :

 

 


 

 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්