රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බැවින්,
ඔහු රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව ) නායකත්වය ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බව බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
 
එසේ නොකර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත්, එසේ සිදුවීම නිසා මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබලවී ඇති බවත්, එය ආණ්ඩුවේ සහ රටේ සමාජ, ආර්ථික සහ දේශපාළන නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, සති අන්ත 'ලංකාදීප' පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
 
මේවනවිට අගමැති මහින්ද රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නායකයා වන අතර බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක වේ. 
 
 ''ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යයාලයේ නිළධාරී ජුන්ටාවකට කොටුකර තැබීම රටේ නිරෝගී යහ පැවත්මට බාධාවක්'' -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
 
මෙවැනි සන්දර්භය මත ඇතැමුන් තමන්ගේ පෞද්ගලික බල පෙරේත කම් සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදු කරන විනාශකාරී බලපෑම හොඳින් දකින බැවින් ඒ ගැන විශාල කණගාටුවක් ඇති බවත් පවසන විමල් විරවංශ ඇමතිවරයා, එම සීමිත පිරිස තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීමට දරණ උත්සාහය ආණ්ඩුවට විශාල හානියක් සිදු කරමින් සිටින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
 
ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම සඳහා දැයි තමනට පැහැදිලි නැතැයි ඇමතිවරයා සිය කණස්සල්ළ පළ කරයි.

 

 


 

 

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්