ආණ්ඩු පක්ෂය තුළ වෙනම කල්ලි කණ්ඩායම් සැදීමට කිසිඳු ලෙසකින් ඉඩ නොතැබිය යුතු බවට පොහොට්ටු පක්ෂය අවධාරණය කර සිටියි. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන්
 
ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
 
කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධ සිදුවීමේදී එම ක්‍රියාදාමයට එරෙහිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක ප්‍රධානීන් එක්කොට වෙනම කණ්ඩායමක් නිර්මාණය කිරීම පිළිබඳව බැසිල් රාජපක්ෂ විසින් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ කනස්සල්ල පළකර ඇතැයි ද වාර්තාවේ.
 
ආණ්ඩුව තුළ වෙන ම කණ්ඩායම් ඇති කිරීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසට දැනුම්දීමක් කරන්නැයි ද බැසිල් රාජපක්ෂ මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි පැවසේ.
 
 
 
තුනෙන් දෙකේ බළයක් සහිත ආණ්ඩුව සෑම විටම එක ආණ්ඩුවක්, එක කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවත්, එම ආණ්ඩුව ඇතුළේ කල්ලි, කණ්ඩායම් නිර්මාණය කිරීමට කිසිඳු ලෙසකින් කුමන හෝ අනුකුලතාවයක් නොදක්වන ලෙසත් බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරයාට දැඩි ලෙස අවවාද කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 
 
 
විමල්ගේ කණ්ඩායම :
 
 
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී ජනවාරි 30 දා පැවැත්විණ.
 
ඒ සඳහා දේශපාලන පක්ෂ 10ක නායකයින්ට අමාත්‍ය විමල් වීරවංශ විසින් ඇරයුම් කර තිබිණ. 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, යුතුකම සංවිධානයේ ගෙවිඳු කුමාරණතුංග හා ලංකා කම්කරු සංගමයේ හා ඊ.පී.ඩී.පී. පක්ෂයේ නියෝජිතයින් ද එම රැස්වීමට එක්ව සිටියේය.
 
මෙසේ විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ 'ජාතිකවාදීන්' වරාය අර්බුදයේදී හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග හා රෝහිත අබේගුණවර්ධන වැනි ආණ්ඩුවේ පොහොට්ටු පක්ෂ අමාත්‍යවරුන් ගෙන් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී විමල් ඇතුළු කණ්ඩායමට බලවත් විරෝධයක් එල්ල විය. 
 
 
සබැඳි පුවත් :
 
 
 
 

  

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්