ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ලේකම්, නීතිඥ සාගර කාරියවසම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්
ලබාගත්තේ බැලමෙහෙවර කිරීමෙන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ පවසයි.
තමන් විසින් කරන ප්‍රකාශයන් ගැන කණගාටු වෙන බවක් පොහොට්ටුවේ ලේකම්වරයා සඳහන් කර තිබුණද ඔහු කනගාටුවූවාට තමන්ට ප්‍රශ්නයක් නැති බව ද ඇමතිවරයා කියා සිටියි.
විමල් විරවංශ අමත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ, 'ඉරිදා ලංකාදීප' පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවකදීය.
''අපට ප්‍රශ්නයක් නැහැ එයා කනගාටුදායක උනාට. අපට ප්‍රශ්නයක් වෙන්නේ අප ගන්නා ක්‍රියාමාර්ගවලින් රටට ජනතාවට කණගාටු හිතෙනවා නම් තමයි. ඒක විතරයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ....
ජාතික ලැයිස්තුවෙන් ඇවිත් මන්ත්රීකම් ගත්තු අයට තේරෙන්නේ නෑනේ ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කිරීමේ උත්තුංග වැදගත්කම. ඒවා ඒගොල්ලන්ට දැනෙන්නෙ නැහැ.
ඒ ගොල්ලො කාට හරි බැලමෙහෙවරකම් කරලා ඒකට දැන් ලැබුණු තෑග්ගක් තමයි ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය’ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මොන ප්‍රහාරයට ලක් වුවද රට ජාතිය වෙනුවෙන් දරන ස්ථාවරය හා ගන්නා ක්‍රියාමාර්ග අබමල් රේණුවක තරම්වත් වෙනස් නොකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් අවධාරණය කර ඇත.
කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වන අමාත්‍ය විමල් වීරවංශ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කණගාටු වන බව පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුයේ, බත්තරමුල්ලේ දී පෙබරවාරි 02දා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දැඩි බැසිල්වාදියකු වන ඔහු එහිදී අවධාරණය කර සිටියේ, අමාත්‍ය වීරවංශ කැබිනට් සාමුහිකත්වය මත පිහිටා කටයුතු කළ යුතුව තිබූ බවයි.
“ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින් තමන් සමාජය ඉදිරියේ වීරයන් වීමට පුද්ගලයන් උත්සාහ කිරීම ආණ්ඩුවේ යහපැවැත්මට එතරම් සුබවාදී නැහැ. කෙසේ නමුත් වත්මන් රජය හා ජනාධිපතිවරයා කිසිම කෙනෙකුගේ බලපෑමට යටත් වන්නේ නැහැ. ඔවුන් රට සංවර්ධනය කරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමට යටත් වී නොවෙයි.” යයි පොහොට්ටු ලේකම්වරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි
විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම