අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සහන මිල ගණන් යටතේ අද සිට පාරිභෝගිකයින්ට හිමිවනු ඇත.
එම මිල මාස 3 ක කාලයකට වලංගු වේ.
 
එම භාණ්ඩ සතොස, සමුපකාර සහ ‘කියු ෂොප්’ තුළින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
 
සහන ලැයිස්තුවට අනුව,
 
රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 කි. එය රුපියල් 13 ක මිල අඩු කිරීමක්.
 
සුදු කැකුළු කිලෝවෙන් රුපියල් 12 ක් අඩු කර ඇති අතර දැන් අලෙවි වන්නේ රුපියල් 93 කටයි.
 
සුදු නාඩු 1Kgක නව මිල රුපියල් 96 කි.
 
සම්බා කිලෝවකින් රුපියල් 21 ක් ද කීරි සම්බා කිලෝවකින් රුපියල් 15ක් ද අඩු කර ඇත.
 
තිරිඟු පිටි කිලෝවකින් රුපියල් 21 ක් අඩුකර දැන් නියම කර ඇති මිල රුපියල් 84 කි.
 
සුදු සීනි කිලෝව සතොසෙන් රුපියල් 99 ට මිලදී ගත හැකියි.
 
දුඹුරු සීනි කිලෝවක නව මිල රුපියල් 125 ක්.
 
තේ කොළ ග්‍රෑම් 100ක් රුපියල් 35 කින් අඩු කර තිබේ. නව මිල රුපියල් 95 කි.
 
රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 165 කි.
 
ඉන්දියානු ලොකු ළූණු කිලෝවක් රුපියල් 120 කට අලෙවි කෙරෙන්නේ රුපියල් 20 ක් අඩුවෙනි.
 
දේශීය අර්තාපල් කිලෝව රුපියල් 180 කට ද පකිස්ථාන අර්තාපල් කිලෝව රුපියල් 140 කට ද අලෙවි කෙරේ.
 
කඩල, වියළි මිරිස්, ටින් මාළු මිල අඩු කළ භාණ්ඩ අතරට අයත් ය.
 
වැඩිම මිල සහනය ලැබෙන්නේ හාල්මැස්සන්ට ය. එය කිලෝවකින් රුපියල් 125 ක් අඩු කර තිබේ.
 
නව මිල රුපියල් 545 කි.
 
කුකුල් මස්, ලුණුකැට, කිරිපිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, SLS සහතික ලත් මුඛ ආවරණ මිල අඩු කළ සෙසු භාණ්ඩවලට අයත් ය.
 
මේ අතර දඹුල්ල විශේෂ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ, වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල පැවසුවේ පසුගිය සතියට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල ගණන් ද තරමක් පහළ ගොස් ඇති බවයි.
 
 
තොග වෙළඳුන් කියන කතාව :
 
Stoke m
 
කෙසේවුවද, CNL(channelnewslanka.com) වාර්තා කර ඇත්තේ, අත්‍යවශ්‍ය භාණ්ඩ 27 ක් සඳහා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් නියම කර ඇති ස්ථාවර මිලට වඩා අඩුවෙන් එහි සඳහන් ඇතැම් භාණ්ඩ පිටකොටුව තොග වෙළඳපොලේ මිලදී ගැනීමට හැකි බව තොග වෙළෙන්දෝ පවසන බවයි.
 
ඒ අනුව ඇතැම් ද්‍රව්‍යවල දැනට පවතින පාලන මිලගණන් වලට වඩා වැඩි මිලගණන් නව ස්ථාවර මිල යටතේ නියම කිරීම නිසා ජනතාවට වැඩි මිලක් ගෙවන්නට සිදුවනු ඇත.
 
#  අදාළ මිල ගණන් අනුව පරිප්පු කිලෝවක මිල රුපියල් 165 ලෙස දක්වා ඇතත් මේ වන විට පිටකොටුව තොග වෙළඳ පොලේ පරිප්පු කිලෝවක මිල රුපියල් 150 ත් 155 ත් අතරවේ.
#  ලොකු ළූණු මිල කිලෝව රුපියල් 120 ලෙස දක්වා ඇතත් පිටකොටුව තොග මිල රුපියල් 60 ක් පමණවේ.
# ආණ්ඩුව අයකරන රුපියල් 50 ක බද්ද යටතේ වුවද මේ වන විට ආනයනික අල කිලෝවක මිල රුපියල් 90 ත් රුපියල් 100 ත් අතරවේ. අදාළ මිල ලයිස්තුවේ අල කිලෝවක මිල ලෙස රුපියල් 140 ක් සඳහන්වේ. 
# වියලි මිරිස් කිලෝව පිටකොටුව තොග වෙළඳ පොලේ රුපියල් 465 ත් 470 ත් අතරවේ.
# සීනි සඳහා ආණ්ඩුව රුපියල් 85 ක පාලන මිලක් නියම කර තිබියදී සතොස හා සමුපකාර මිල ලෙස රුපියල් 99 ක මිලක් නියම කර තිබේ.
 
 
රජය පසුගිය වසරේ සිට නියම කර ඇති පාලන මිල අනුව රතු කැකුළු සහල් හා සුදු කැකුළු සහල් සඳහා රුපියල් 93 ක්ද නාඩු සඳහා රුපියල් 96 ක් ද සම්බා සඳහා රුපියල් 99 ක් ද, කීරි සම්බා සඳහා රුපියල් 125 ක්ද වේ. ඒ අනුව ගත අක නව ලයිස්තුවේ පවතින්නේද එම මිළ ගණන්ය.
 
 
එසේම මේ හේතුවෙන් ලෝක වෙළඳපොලේ මිල ගණන් අඩු වුවද එසේ අඩු මිල ගණන් යටතේ මිලදී ගැනීමට සතොසට හා සමුපකාර වලට නොහැකිවේ. එහෙත් ඩොලරයේ අගය රුපියල් දෙසීයට වඩා වැඩි වුවහොත් හෝ බදු වැඩි වුවහොත් මිල වැඩි කරන්නට වෙළඳුන්ට අවස්ථාව ලැබේ.
 
 
 
 මේ නිසා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බඩුමිල අඩු කිරීමේ පිවිතුරු චේතනාවෙන් මේ ක්‍රමය ආරම්භ කලද එහි සැබෑ ප්‍රතිඵල ජනතාවට ලැබේදැයි සැක සහිතය. 
 
 
සබැඳි පුවත් :
 

 

 


 

 

  

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්