ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව පොදුජන පෙරමුණේ
(පොහොට්ටුවේ) මහ ලේකම්වරයා පවසයි.
දැඩි බැසිල්වාදියකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් එබව සඳහන් කලේ අද (08) පැවති මාධ්‍ය හමුවකදීය.
මේවනවිට අගමැති මහින්ද රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නායකයා වන අතර බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක වේ.
රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන ක්ෂේත්රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බැවින්, ඔහු රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව ) නායකත්වය ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බව බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ 'ඉරිදා ලංකාදීප' පුවත්පතට පවසා තිබිණ.
එසේ නොකර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත්, එසේ සිදුවීම නිසා මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබලවී ඇති බවත්, එය ආණ්ඩුවේ සහ රටේ සමාජ, ආර්ථික සහ දේශපාළන නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාගත්තේ බැල මෙහෙවර කිරීමෙන් බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ එම මාධ්‍ය සාකච්ජාවේදී පවසා තිබිණ.
සබැඳි පුවත් :
තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි
විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම