පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිණ පීසීආර් පරීක්ෂණවලට ඉදිරිපත් වෙන ලෙස
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නිවේදනයක් නිකුත් කර ඇත්තේ එම පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් නොවීම නිසා බව වාර්තා වේ.
 
ජනවාරි 28 දිනැතිව වේත්‍රධාරීවරයා එම නිවේදනය නිකුත් කර තිබේ.
 
මේ වන විට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට පීසීආර් පරීක්ෂණ 1300ක් පමණ සිදුකර තිබේ. 
 
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් පීසීආර් පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරුන් 34 දෙනෙකු පමණි. 
 
එලෙස පැමිණි කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආසාදිත බව තහවුරු වී නැත. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
 
පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් වන වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, අරුන්දික ප්‍රනාන්දු, පියල් නිශාන්ත සහ වසන්ත යාපා බණ්ඩාර කොවිඩ්-19 ආසාදිතයන් බව තහවුරු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් නොව, පෞද්ගලිකව කරන ලද පීසීආර් පරීක්ෂණවලිනි.
 
 
අද සිට අහඹු PCR පරීක්‍ෂණ 
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අහඹු PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලීම් කර තිබේ.
 
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා සඳහන් කරන්නේ අද පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එසේ අහඹු PCR පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.
 
ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන දිනවල මෙන්ම නොපැවැත්වෙන දිනවලද සතියකට වරක් එම පරීක්ෂණ පැවැත්වෙයි.
 

pcr letter

 


 

 
 
ගෝඨාභය ගොඩදාන්න ගිය විමල් ගුටි කෑමට නියමිතයි
 
 

 
විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්